දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඡන්ද නොතියා වසර 25ක් බලයේ රැඳී සිටීමට සැලසුමක්!

ජාතික ජන බලවේගය ඉදිරියේදී මැතිවරණ නොපවත්වා වසර 25ක කාලයක් බලයේ රැඳී සිටීමේ සැලසුමක නිරත වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී...

ජාතික ජන බලවේගය ඉදිරියේදී මැතිවරණ නොපවත්වා වසර 25ක කාලයක් බලයේ රැඳී සිටීමේ සැලසුමක නිරත වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා චෝදනා කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජවිපෙ ගම් මට්ටමේ පවත්වන රැස්වීම්වලදී ඉදිරියේදී මැතිවරණ නොපවත්වන බවත්, ඕනෑම ක්‍රමයකින් වසර 25ක් බලයේ රැඳී සිටින බවත් පවසන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම ක්‍රියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බව ඔහු අවධාරණය කළේය.

රජයේ දූෂණ සහ වංචා පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ගල්අඟුරු වංචාව, බහාලුම් වංචා සහ ඩොලර් මිලියන ගණනක මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් රජය කෙරෙහි ජනතා අප්‍රසාදය දැඩි වී ඇති බවයි.

එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට රජය සෘජුවම ඇඟිලි ගසමින් සිටින බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කිරීමට දරන උත්සාහය වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයාට සේවා දිගුවක් ලබාදීමේ පටු අරමුණින් සිදු කරන්නක් බවත් ඔහු චෝදනා කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී අදහස් පළ විය.

වී කිලෝවකට රුපියල් 120ක සහතික මිලක් ලබාදෙන බවට පොරොන්දු වුවද, දැනට ගොවීන්ට ලැබෙන්නේ රුපියල් 90ක පමණ මුදලක් බවත්, මේ හේතුවෙන් ගොවි ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

රජයට සැබෑ ජනවරමක් ඇත්නම් වහාම ජනමත විචාරණයකට හෝ මැතිවරණයකට යා යුතු බවට අජිත් පී. පෙරේරා මහතා මෙහිදී අභියෝග කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් ද රජයේ මෙම අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව පෙළගැසී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30401,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්ද නොතියා වසර 25ක් බලයේ රැඳී සිටීමට සැලසුමක්!
ඡන්ද නොතියා වසර 25ක් බලයේ රැඳී සිටීමට සැලසුමක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr-LKpKLgN9jIZFr8iJOIAk90jWL1oQkFpZf6wydpJdZ_wvfwH43y2FCkjmGOinwYvULdOAtj7WUH2tcWuBvVMHsFniWAP7wTA06VtOgYVTWSgC4e-qMzWMtr-KVdTx1kIIDjvi1sUKJbnBoYh1NHL_BC8t5HZAoNo4egj-_bTFSfDBS67snkdHWP0inks/s320/JVP.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr-LKpKLgN9jIZFr8iJOIAk90jWL1oQkFpZf6wydpJdZ_wvfwH43y2FCkjmGOinwYvULdOAtj7WUH2tcWuBvVMHsFniWAP7wTA06VtOgYVTWSgC4e-qMzWMtr-KVdTx1kIIDjvi1sUKJbnBoYh1NHL_BC8t5HZAoNo4egj-_bTFSfDBS67snkdHWP0inks/s72-c/JVP.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/08/25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/08/25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy