තම රජය පැවති කාලයේදී තීන්දු තීරණ ගත්තේ ජනතාව ව්‍යසනවලට ඇද දැමීමට නොව, ඔවුන් ව්‍යසනවලින් මුදවා ගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේ...
තම රජය පැවති කාලයේදී තීන්දු තීරණ ගත්තේ ජනතාව ව්‍යසනවලට ඇද දැමීමට නොව, ඔවුන් ව්‍යසනවලින් මුදවා ගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය සමඟ සටන් කළේ එවැනි සමාජ ව්‍යසනයක් නතර කිරීමට බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ සිටියා නම් ඔහුට නොබෙල් සාම ත්‍යාගය පවා ලැබීමට ඉඩ තිබූ බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් හිටපු ජනාධිපතිවරයා මිනීමරුවකු සහ සොරකු ලෙස හංවඩු ගැසීමට කටයුතු කළ බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS