දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මාරු ලිස්ට් හදන්න යූනියන් ඕනෑ නෑ – සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස වෛද්‍ය වර්ජකයින්ට කියයි

රජය වෛද්‍යවරුන් සඳහා විධිමත් ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් එය යුනියන්වල වැඩක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද...

රජය වෛද්‍යවරුන් සඳහා විධිමත් ස්ථානමාරු ක්‍රියාවලියක් සකස් කර ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් එය යුනියන්වල වැඩක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

“මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගෙන සාකච්ඡා වට ගණනාවක් කරලා නිර්නායක 7 ක් මත දුෂ්කර සේවා ලැයිස්තුවක් හැදුවා. ඒ ලිස්ට් එක හදන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට වෘත්තීය සංගම් අවශ්‍ය නෑ. ඒක යුනියන්වල වැඩක් නෙමෙයි. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩක්. ඒ අනුව 265ක ලැයිස්තුවක් සකස් කළා. ඒ ලැයිස්තුව තමයි අපි ප්‍රකාශයට පත් කළේ. ඒකට යූනියන් සම්බන්ධ කරන්න අවශ්‍ය නෑ”යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධව මාධ්‍යවේදියකු ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ලබන මැයි 10 වැනිදා වනවිට ස්ථාන මාරු කිරීමට වෛද්‍යවරුන් 6,000ක ප්‍රමාණයක් සිටින බවය.

එමෙන්ම සිදුකරමින් පවතින ස්ථානමාරු ක්‍රියාවලිය තුළින් අදාළ සංගමයේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක්වූ වෛද්‍යවරුන් රැසකට සාධාරණයක් වෙමින් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“මැයි 10 වෙනකොට වෛද්‍යවරුන් 6,000ක් පමණ මාරුවීමට නියමිතයි. ඒක පෙබරවාරි පළවෙනි සතියේ පටන් ගත්තේ. මේ ආකාරයට විධිමත් ක්‍රියාවලියක් පසුගිය වසර 13 ම සිදුවෙලා තිබුණේ නෑ. ඔය ට්‍රාන්සර් බෝඩ්වල හිටියයි කියලා කිව්වාට ඒ සංගමයේ සාමාජිකයෝ සමහර තැන්වල අවුරුදු 13-17 හිටියා. අක්ෂි රෝහලේ හිටියා තමන්ට නියමිත ජාතික රෝහලට පාරෙන් පැනලා යන්න බැරුව. ඒ නිසා මේ සියලු අක්‍රමිකතාවන් නතර කරලා වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් යනවා. මේකෙන් බහුතරයක් අසාධාරණයට ලක්වෙලා හිටපු වෛද්‍යවරුන්ට සාධාරණයක් වෙන නිසා ඒ අය කැමැතියි. මේකට අකැමැති වෙන්නේ තමන්ගෙ බලය පාවිච්චි කරලා තමන්ගේ විධායක සභාවේ සාමාජිකයෝ, තමන්ගේ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් තමන්ට කැමැති කැමැති තැන්වල අවුරුදු ගාණක් රඳවගෙන හිටපු අය. ඒ නිසා අදාළ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් යනවා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30108,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාරු ලිස්ට් හදන්න යූනියන් ඕනෑ නෑ – සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස වෛද්‍ය වර්ජකයින්ට කියයි
මාරු ලිස්ට් හදන්න යූනියන් ඕනෑ නෑ – සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස වෛද්‍ය වර්ජකයින්ට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhv5cmzSCdADYXfch9I3_3A5tO_cruJ4NPrEnhyphenhyphenXemTm6m7sz6LEjc0ZTSjdc7jlJ7MrhmMO1Ye4ekZQVm1eyEqWr6hDJmaZYxFw2DRx2Bf6Jv7xZmCsF3k8d3YfgpXlyOdGSmxLHNzaD3dgBXRnji5wTr69Vbm4zyiS6EI5cxc3Srk2P5fWyEmFOQUPk3g/s320/nalinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhv5cmzSCdADYXfch9I3_3A5tO_cruJ4NPrEnhyphenhyphenXemTm6m7sz6LEjc0ZTSjdc7jlJ7MrhmMO1Ye4ekZQVm1eyEqWr6hDJmaZYxFw2DRx2Bf6Jv7xZmCsF3k8d3YfgpXlyOdGSmxLHNzaD3dgBXRnji5wTr69Vbm4zyiS6EI5cxc3Srk2P5fWyEmFOQUPk3g/s72-c/nalinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_401.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_401.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy