ඉන්ධන පවතින්නේ එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා පමණක් බවත්, ඉන් ඉදිරියට රට දැඩි අභියෝගයකට මුහුණ දෙනු ඇති බවත් බි...
ඉන්ධන පවතින්නේ එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා පමණක් බවත්, ඉන් ඉදිරියට රට දැඩි අභියෝගයකට මුහුණ දෙනු ඇති බවත් බිමල් රත්නායක මහතා පවසයි.
ලෝක නායකයන් කිහිපදෙනෙකුගේ මෝඩ යුධ උන්මාදය හේතුවෙන් සමස්ත ලෝකයම විනාශ වෙමින් පවතින බවත්, එහි බලපෑම ශ්‍රී ලංකාවට ද දැඩි ලෙස එල්ල වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ලෝකය පාලනය කරන නායකයන් කිහිපදෙනෙකුගේ යුධ උන්මාදය නිසා මිනිස් ජීවිත විනාශ වෙමින් පවතින අතර, මිනිසුන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු බිඳවැටී ඇති බව රත්නායක මහතා පෙන්වා දෙයි.
පෘථිවියේ කුඩා කොටසක් වන ශ්‍රී ලංකාවේ වැසියන් ලෙස අපටද මෙහි දරුණු බලපෑම්වලට මුහුණ දීමට සිදු වී ඇති බව ඔහු සඳහන් කළේය.
රටේ ඉන්ධන තොග පවතින්නේ අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්ද දක්වා පමණක් බව මීට පෙර ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ ඒ මහතා, දැනට පවතින ගෝලීය යුධ වාතාවරණය තවදුරටත් පැවතුණහොත් ඉන් ඉදිරියට ඉන්ධන සම්බන්ධයෙන් විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ද පවසා සිටියේය
මේ පුවත තව අයට බලන්න

COMMENTS