පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ වැරදිකරුවන් හෙළිදරව් කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර කාව...
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ වැරදිකරුවන් හෙළිදරව් කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර කාව හෝ වැරදිකරු කර මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහ කරන බව ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම වත්මන් ආණ්ඩුවද බලයට පත්වීමේදී පාස්කු ප්‍රහාරය දේශපාලනිකව ප්‍රයෝජනයට ගත් බවත්, නමුත් සැබෑ වැරදිකරුවන් හෙළි කිරීමට ඔවුන් මෙතෙක් අපොහොසත් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇතත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සුපුරුදු පරිදි වත්මන් ආණ්ඩුවද මහජනයා වෙත ඉදිරිපත් නොකරන බව බෝපගේ මහතා සඳහන් කරයි.
මෙම වාර්තාව ඉදිරිපත් නොකිරීමට ඉන්දියාවේ බලපෑම හෝ මෙරට පොලීසියේ හා දේශපාලනයේ නිරත ඉහළ නිලධාරීන්ගේ බලපෑම හේතු වී ඇත්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
කාදිනල්තුමා සහ කතෝලික ජනතාව දීර්ඝ කාලයක සිට යුක්තිය ඉල්ලා සිටින පසුබිමක, ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ කඩිනමින් නඩුවක් පවරා, විත්තිකරුවන්ට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට පූර්ණ අවස්ථාව ලබා නොදී, කාව හෝ වැරදිකරු කර මෙම ප්‍රශ්නයෙන් නිදහස් වීමට බවට ඔහු චෝදනා කරයි.
අප්‍රේල් 21 වනදාට පෙර මෙලෙස හදිසියේ තීන්දුවක් ගැනීමට උත්සාහ කිරීම තුළින් සැබෑ යුක්තිය ඉටු නොවන බවත්, කතෝලික ජනතාව බලාපොරොත්තු වන්නේ සැබෑ වැරදිකරුවන්ට එරෙහිව යුක්තිය ඉටු වීම බවත් නුවන් බෝපගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය
මේ පුවත තව අයට බලන්න

COMMENTS