දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උගන්ඩාවේ ඩොලර් බිලියන 18ට කලින් ඩුබායි සල්ලි ගේන්න සූදානම්!

පසුගිය පාලන සමයන්හි සිදුවූ බව කියන මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු මේ වන විට දැවැන්ත ක්‍රියාවලියක් ලෙස දියත් වෙමින් ...

පසුගිය පාලන සමයන්හි සිදුවූ බව කියන මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු මේ වන විට දැවැන්ත ක්‍රියාවලියක් ලෙස දියත් වෙමින් පවතින බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ විමර්ශනවලට අදාළව සාක්ෂි විමසීම සඳහා අවශ්‍ය පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවමින් පවතින බවයි. 

ඇතැම් විමර්ශන කටයුතු මේ වන විටත් අවසන් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම් සහ අධිචෝදනා ගොනු කිරීම් සිදුවෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්වූ උගන්ඩාවේ තැන්පත් කර ඇති බව කියන ඩොලර් බිලියන 18 ක මුදල සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ "උගන්ඩාවේ ප්‍රශ්නයේ විතරක් එල්ලිලා ඉන්න එපා" යනුවෙනි. 

උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු තවත් රටවල් කිහිපයක සඟවා ඇති බවට සැක කෙරෙන මුදල් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වන බව ඔහු හෙළි කළේය.

එසේම, ඩුබායි හි ඇති මුදල් මෙරටට ගෙන එන ලෙස නාමල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී අනාවරණය වන කරුණු මත පදනම්ව අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය. 

තමන් භාරගත්තේ "අපරාධවලින් ගහන රාජ්‍යයක්" බවත්, එවැනි රාජ්‍යයක මෙවැනි දූෂණ රාශියක් සිදුව ඇති බැවින් ඒ සියල්ල ක්‍රමානුකූලව විමර්ශනය කළ යුතු බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30002,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උගන්ඩාවේ ඩොලර් බිලියන 18ට කලින් ඩුබායි සල්ලි ගේන්න සූදානම්!
උගන්ඩාවේ ඩොලර් බිලියන 18ට කලින් ඩුබායි සල්ලි ගේන්න සූදානම්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUUrlR7ZOcUHw-DzkJ1k6JFLQ3fxwQufXiFKo4f_0gBID-dRitAlWahFuIqQKK67SNLEiLs5OMtot96oxc0pwMMCSGW3c_TtGSKP5T-pDSGc5yGGcJvL9xCPpGqfYlkfhK0945lkAwXDUaYQ4-JNozDf0dSPFDBToimc_kIWH1y7XleiVlG8OlMExVjzVI/s320/nalinda.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUUrlR7ZOcUHw-DzkJ1k6JFLQ3fxwQufXiFKo4f_0gBID-dRitAlWahFuIqQKK67SNLEiLs5OMtot96oxc0pwMMCSGW3c_TtGSKP5T-pDSGc5yGGcJvL9xCPpGqfYlkfhK0945lkAwXDUaYQ4-JNozDf0dSPFDBToimc_kIWH1y7XleiVlG8OlMExVjzVI/s72-c/nalinda.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/02/18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/02/18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy