දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බාල ගල් අඟුරු මගඩියෙන් කෝටි 750කට විදලා… ටෙන්ඩරය අසාධුගත කළ ඉන්දියානු සමාගමකට..!

ලංකාවට ගොඩබෑ ගල් අඟුරු තොගයේ සාම්පල් පරීක්ෂා කළපසුව ලක්විජය බලාගාරයේ රජයේ රසායනාගාරය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව අනුව රටට ආනයන කර ඇත්තේ බාල ...

ලංකාවට ගොඩබෑ ගල් අඟුරු තොගයේ සාම්පල් පරීක්ෂා කළපසුව ලක්විජය බලාගාරයේ රජයේ රසායනාගාරය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව අනුව රටට ආනයන කර ඇත්තේ බාල ගල් අඟුරු බව තහවුරු වන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

“මේ තියෙන්නේ ලංකාවට ගොඩබාපු ගල් අඟුරු තොගයේ සාම්පල් පරීක්ෂා කළපසුව ලක්විජය බලාගාරයේ රජයේ රසායනාගාරය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව. එහි ඉතා පැහැදිලිව තිබෙන ආකාරයට මේ ගල් අඟුරු වල ප්‍රමිතිය තිබෙන්නේ කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5600-5800 අතර..

ලංකාව ටෙන්ඩරය ලබා දෙන්නේ කිලෝ ග්‍රෑමයකට කිලෝ කැලරි 5900-6200 අතර ශක්‍තිය උත්පාදනය කරන ගල් අඟුරු සඳහා. මේ ගොඩබාන ලද තොගය අවම පරිසාධන මට්ටමේවත් නෑ.
ගල් අඟුරු කිලෝ ග්‍රෑම් එකක් දහනය කළාම ලැබෙන ශක්තිය අඩුයි කියන්නේ අපට අවශ්‍ය විදුලි ප්‍රමාණය නිපදවා ගැනීමට වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් ඕන කියන එක.

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු නිසා ගල් අඟුරු වැඩියෙන් මිලදී ගන්න වුණාම වැඩිපුර කරන්න යන වියදම රුපියල් කෝටි 750ක් වගේ කියලා දළ ගණන් බැලීම් වල පෙනෙනවා. ඒ පාඩුවත් විදුලි ගාස්තුවට එකතු කරලා ජනතාව මතම පටවන්න ඉඩ තිබෙනවා.

ට්‍රයිඩෙන්ට් කියන ඉන්දියානු සමාගම හොර වැඩවලට නම් දරාපු සමාගමක්. මීට කලින් සහල් ආනයනය කිරීමේදීත් ප්‍රසම්පාදන කොන්දේසි කඩපු ලංකාවේ අසාදුලේඛනගත සමාගමක්. ඒ අත්දැකීම තිබියදීම ඇයි මේ සමාගමට ගල් අඟුරු ටෙන්ඩරය දුන්නේ? ඇයි මේ සමාගමටම දෙන්න ටෙන්ඩර් කොන්දේසි වෙනස් කළේ? ඇයි විදුලිබල ඇමතිවරයා තමන්ගේම අමාත්‍යංශ රසායනාගාරය තුට්ටු දෙකට දාලා කතා කරමින් සමාගම ආරක්ෂා කරන්න යන්නේ?

රජයේ රසායනාගාර වාර්තා පිළිගන්න බැරිනම් ජාත්‍යන්තර රසායනාගාර වාර්තා එනතුරු දවස් කීපයක් බලමු. ඒකෙත් මේ බාල ප්‍රමිතියම ඔප්පු වුණොත් ආණ්ඩුව දූෂණවිරෝධී ක්‍රියාමාර්ග ලෙස කරන දේ ගැනත් අවධානයෙන් සිටිමු. කොහොම වුණත් මේවායේ බර ජනතාව මත පටවන්න ආණ්ඩුවට ඉඩ නොදිය යුතුයි.
-emanisa




COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29937,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාල ගල් අඟුරු මගඩියෙන් කෝටි 750කට විදලා… ටෙන්ඩරය අසාධුගත කළ ඉන්දියානු සමාගමකට..!
බාල ගල් අඟුරු මගඩියෙන් කෝටි 750කට විදලා… ටෙන්ඩරය අසාධුගත කළ ඉන්දියානු සමාගමකට..!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqUruGLmVNwzEo4_-ZTO_p1Iwj-J473zNjpjL47t_Fz6QhOFw2OFno7n5T28ZgTi-W2NmnSbY1g96PLA8Wp_6PaF6B_CwzuC3Ie58MoRzfm4qY3tAhvYUdQRLCa2iwpmlXgWt39Kj6mJ0cyZr-BLc6uCPeJLIOY9XvZHZwHWEGpoZekoHPEgISwYWKnfCb/s320/gal.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqUruGLmVNwzEo4_-ZTO_p1Iwj-J473zNjpjL47t_Fz6QhOFw2OFno7n5T28ZgTi-W2NmnSbY1g96PLA8Wp_6PaF6B_CwzuC3Ie58MoRzfm4qY3tAhvYUdQRLCa2iwpmlXgWt39Kj6mJ0cyZr-BLc6uCPeJLIOY9XvZHZwHWEGpoZekoHPEgISwYWKnfCb/s72-c/gal.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/01/750.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/01/750.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy