මන්ත්‍රීවරයෙක් විසින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළදී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බව අමා...
මන්ත්‍රීවරයෙක් විසින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළදී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
එම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කළ පුද්ගලයින්ටත්, පුවත ලබාදුන් අයටත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ සාකච්ඡාවට ලක් වන කරුණු පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දීමට එහි සිටින කිසිවෙකුට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වුවමනාවට ක්‍රියාත්මක වූ එකක් සහ එහි මහ මොළකරු ඉන්දියාවේ යන වග රවී සෙනවිරත්න ලේකම්වරයා විසින් කිසිසේත්ම ප්‍රකාශ කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
පාර්ලිමේන්තු සභාවාරය අමතමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ,
“ඉන්දියාව ගැන කතාවත් කළේ නෑ. කිසිම රටක් ගැන සඳහන් කළේ නෑ. නමුත් ඉතාමත් වැරදි විදිහට සහ සාහසික විදිහට වැරදි ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා තියෙනවා ඒ කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.
ඒක වැරදි පූර්වාදර්ශයක්. ඒ නිසා ඒකට අදාළව ගන්න පුලුවන් උපරිම නීත්‍යනුකූල ක්‍රියාමාර්ග අනිවාර්‍යෙන්ම ගන්නවා. මොකද එකක් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ කතා වෙන දේවල් මාධ්‍යවලට දෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ.
ඒක වැරදී. හරියට මේක ගැන අවබෝධයක් තියෙනවා නම් ඒක රකින්න ඕනේ. ඒවා මධ්‍යට දෙන සදාචාරයක් නෑ. ඒවා නීතිවලට පටහැනියි.”
COMMENTS