රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත සමගි ජන බලවේගය සහ එක...
රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා ගැන සහ ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බව සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
එ අනුව සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
ඊයේ (09) දින පැවැති සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ පිළිබඳව ඒකමතිකව තීන්දු කළ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
COMMENTS