දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අයිස් බඩු කන්ටෙනර් දෙක ගැන ඕලුගල ගාවා අමුතු කතාවක්!

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සංවිධ...

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු 2025.08.30 වන දින ශ්‍රී ලංකා පොලිසිය මඟින් ඉන්දුනීසියාවේදී එරට පොලිසියේ ද සහය ඇතිව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වන විට ඉතා සාර්ථක ලෙස විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

එම සැකකරුවන්ගෙන් අනාවරණය වෙමින් පවතින තොරතුරු අනුව අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුල නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගෙන්වන ලද බහාලුම් දෙකක තිබූ ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය ප්‍රදේශයෙන් හමුවී තිබිණි.

එම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර තොරතුරු ලැබී තිබියදීත්, රතු ලේබල් කර තිබූ මෙම බහාලුම් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් මෙම මෙහෙයුම භාරව කටයුතු කරන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ඡායාරූපයක් ද සහිතව ඒ මහතාව සම්බන්ධ කරමින් ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පල කිරීමක් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරන අතර, මෙවැනි ව්‍යාජ පුවත් පලකිරීම තුලින් මෙම මෙහෙයුම් අඩාල කිරීම හා නිලධාරින් අපහසුතාවයට පත් කිරීම මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය අපකීර්තියට ලක් කිරීම ද සංවිධානාත්මක අපරාධවලට උත්තේජනයක් ලබා දෙන සුළුතර පිරිසකගේ අරමුණ බව ද නිරීක්ෂණය වේ.

මෙම සාවද්‍ය පලකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, මෙවැනි අසත්‍ය පලකිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29654,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයිස් බඩු කන්ටෙනර් දෙක ගැන ඕලුගල ගාවා අමුතු කතාවක්!
අයිස් බඩු කන්ටෙනර් දෙක ගැන ඕලුගල ගාවා අමුතු කතාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4mlfVVpDMT3f4IgZqhwW9H_7WLrF6D6A8FasDN4Za_2eXhGJceZEWt_Spw1iVsiXDv8XdEJ8elUKiHa109oZIhwzHoeEXPHX-4gLa7vt-jPvfaFGIzFGJLSpORQdCja3TYk9gx-eD86tMGSiipv6rX0OxAJ1Z_he7VlfMbXUoutc35LzQcWNiGvwZHG7b/s320/olugala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4mlfVVpDMT3f4IgZqhwW9H_7WLrF6D6A8FasDN4Za_2eXhGJceZEWt_Spw1iVsiXDv8XdEJ8elUKiHa109oZIhwzHoeEXPHX-4gLa7vt-jPvfaFGIzFGJLSpORQdCja3TYk9gx-eD86tMGSiipv6rX0OxAJ1Z_he7VlfMbXUoutc35LzQcWNiGvwZHG7b/s72-c/olugala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/09/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/09/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy