දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

උතුරු මැද වාහන වෙන්දේසිය ගැන මම කිව්වෙ වැරදි කතාවක්… තොරතුරු ගත්තෙ පත්තරවලින්… දයාසිරි මාධ්‍ය හමුවක් කැඳවා කණගාටුව ප්‍රකාශ කරයි!

උතුරු මැද පළාත් සභාවේ වාහන ටෙන්ඩර් කර අලෙවි කිරිම පිළිබඳව තමා කළ අනාවරණය වැරදි තොරතුරු මත පදනම් කළ එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන...

උතුරු මැද පළාත් සභාවේ වාහන ටෙන්ඩර් කර අලෙවි කිරිම පිළිබඳව තමා කළ අනාවරණය වැරදි තොරතුරු මත පදනම් කළ එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (03) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය. වැරදි තොරතුරක් මත පදනම්ව කළ ප්‍රකාශයෙන් උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් යම් අපහසුතාවයකට පත් වූවානම් කණගාටුව ප්‍රකාශ කරන බව කී දයාසිරි ජයසේකර වැඩිදුරටත් කීවේ කෙනෙකුට යම් වැරදීමක් විය හැකි බවත් තමා ගරු කරන දේශපාලනය නම් වැරැද්දක් වු විට එම වැරැද්ද පිළිගෙන නිවැරදි කිරීම බවත්ය.

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන ටෙන්ඩර් දමා අඩු මිලට විකුණා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ මස පළමු වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය. ඔහු කීවේ වෙන්දේසියක් වෙනුවට ටෙන්ඩරයක් කැඳවා වාහන 12ක් රුපියල් මිලියන 28කට අලෙවි කර ඇති බවය.

මේ අතර 2014 BMW වාහනයක් ද පැවති බව මන්ත්‍රීවරයා කීවේය. එමෙන්ම කෝටි තුන හමාරක් වටිනා එම වාහන ලක්ෂ පනහකට අලෙවි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. BMW රථයත් ප්‍රාඩෝ තුනක් සහිත වාහන 12ක් මිලියන 28කට අලෙවි කර ඇති බවත්, එසේ ගත හැකි වීම දන්සැලකටත් එහා ගිය තත්ත්වයක් බවත් දයාසිරි ජයසේකර එදින ප්‍රකාශ කළේය.


අදාල චෝදනාවලට උතුරුමැද පළාත් ආණඩුකාර වසන්ත ජිනදාස මාධ්‍ය හමුවක් කැඳවා පිළිතුරු දෙමින් කීවේ පුවත්පත් 3ක මාර්තු 30 වැනිදා ටෙන්ඩර් කැඳවා වාහනවලට ලන්සු කැඳවීම සිදුකළ බවය. සංවාදයට ලක්වන 2014 BMW X5 මෝටර් රථය තක්සේරු වටිනාකම ලක්ෂ 198ක් බවත් ලක්ෂ 212කට අලෙවි කළ බවත් මුලු වාහනවල වටිනාකම ලක්ෂ 952ක් බවත් ආණ්ඩුකාරවරයා කීවේය.
ලක්ෂ 1136ක් මේ වාහන ගනුදෙනුවේ දී ආදායම් ලබන බවත් උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා පැහැදිලි කළේය..

මේ තොරතුරු අනාවරණය වෙත්ම අද (03) දයාසිරි ජයසේකර මාධ්‍ය කැඳවා කීවේ තමා කළ ප්‍රකාශය වැරදි තොරතුරු මත පදනම්ව කළ එකක් බවය.


“විශේෂයෙන්ම මේ තොරතුරු ලබා ගත්තේ පුවත්පත් කීපයක මේ සඳහන් වෙලා තිබුණ නිසාත්. උතුරු මැද පළාතේ යම් යම් පිරිස් කතා කරලා විවිධ තොරතුරු ලබා දුන් නිසාත්. නමුත් ඊයේ වනවිට උතුරුමැද පළාත් ආණඩුකාරතුමා විශේෂයෙන්ම ඇති වෙලා තියන ඇත්ත තත්ත්වය ගැන කරුණු ඉදිරිපත් කළා පුවත්පත් සාකච්ඡථාවක් කැඳවලා. “”


“මම විශේෂයෙන්ම මේ කරුණු අධ්‍යයනය කළාට පස්සේ මට වැටහුනා අපට ලබලා දීලා තියන තොරතුරු වැරදි ස්වභාවයක් තිබෙනවා කියලා. මම ගරු කරන දේශපාලනය අනුව වැරැද්දක් වෙන්න පුලුවන්. එය නිවැරදි කිරීම ඔහු සතු යුතුකමක්.”

“උතුරු මැද පළාතේ ඒ පළාත් සභාවේ ආණ්ඩුකාරතුමා ඇතුළු නිලධාරීන්ට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා නිවැරදි තොරතුරු ගලාගෙන ඒම වෙනුවට වැරදි තොරතුරක් ප්‍රකාශ කිරීම සම්බන්ධව. ”

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29544,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු මැද වාහන වෙන්දේසිය ගැන මම කිව්වෙ වැරදි කතාවක්… තොරතුරු ගත්තෙ පත්තරවලින්… දයාසිරි මාධ්‍ය හමුවක් කැඳවා කණගාටුව ප්‍රකාශ කරයි!
උතුරු මැද වාහන වෙන්දේසිය ගැන මම කිව්වෙ වැරදි කතාවක්… තොරතුරු ගත්තෙ පත්තරවලින්… දයාසිරි මාධ්‍ය හමුවක් කැඳවා කණගාටුව ප්‍රකාශ කරයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOr79BqExDl1d26xZbSb9NRkpWIynx5eS8dUwZLzr15tMsJHSjOtuo4G-GljSbR24me0NYc4zkoHg3cWG4Z4gUW64sv2P1XfJARiIxIePLEGBgSf5Zqmtv5y3EQP03URt7T6QLvfSmvu_NROQOjAIxyW3rdhiXn0tPemjUc705VNGJgkIKfmV82RSV7hJr/s320/Dayasiri-jaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOr79BqExDl1d26xZbSb9NRkpWIynx5eS8dUwZLzr15tMsJHSjOtuo4G-GljSbR24me0NYc4zkoHg3cWG4Z4gUW64sv2P1XfJARiIxIePLEGBgSf5Zqmtv5y3EQP03URt7T6QLvfSmvu_NROQOjAIxyW3rdhiXn0tPemjUc705VNGJgkIKfmV82RSV7hJr/s72-c/Dayasiri-jaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy