දනිමි මම - මතුවටත්, මම අයිති පොළොවට... මලින් මල ඉගිලෙමින් අහසෙහි ම ගැවසෙමින් වර්ණවත් පියාපත් විහිදමින් ගෙවනු මැන...! සොඳුරු ‘සමනළ සමය...
දනිමි මම - මතුවටත්, මම අයිති පොළොවට...
මලින් මල ඉගිලෙමින්
අහසෙහි ම ගැවසෙමින්
වර්ණවත් පියාපත් විහිදමින්
ගෙවනු මැන...! සොඳුරු ‘සමනළ සමය...‘
දනිමි මම - අහස යනු පාවීම බව...
තටු වල දිලෙන වයිවර්ණ
වෙනුවට - කටුක දැලි බූව
සියොලග වැකුණු සමයෙක
මතකයන් , මතුයෙ නොතැවෙන්න...!
දනිමි මම - නුඹ නැවත ‘දළඹුවෙකු නොවන‘ බව...
COMMENTS