කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. ඒ අන...
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මෙම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගනු ඇත.
ආර්ථික හා සංවර්ධන ව්‍යාපෘති සම්බ්න්ධයෙන් අවසන් තීරණ ගැනීම මේ වනවිට අගමැතිවරයාගෙන් මූලිකත්වයෙන් සමන්විත ආර්ථික කළමනාකරණය සඳහා වූ කමිටුව මගින් ක්‍රියාත්මක වන අතර නව කවුන්සිලය හරහා එම බලය ජනාධිපතිවරයා යටතට ගනු ඇති බවයි වාර්තා වන්නේ.
සියලුම ආර්ථික, සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවසන් තීරණ ගැනීමට පෙර තමාව දැනුවත් කරන ලෙස ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කළමනාකරණය සඳහා වූ කමිටුවේ නියෝජිතයන් ලෙස පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ කටයුතු කරන අතර ඔවුන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ බොහෝදෙනාගෙන් විවේචන එල්ල වී තිබේ. විශේෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දිගින් දිගටම මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර නව කවුන්සිල පිහිටුවීම සම්බන්ධයෙන් ද ඔවුන්ගේ පෙළඹවීම හේතුවක් විය.
COMMENTS