දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්.. කොරෝනා මාර්ගෝපදේශ පිලිපදින්නැයි දන්වයි..
Homeප්‍රවෘත්ති

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්.. කොරෝනා මාර්ගෝපදේශ පිලිපදින්නැයි දන්වයි..

PropellerAds

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස...

BOI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉල්ලා අස්වීමේ වගකීම චරිත හේරත් භාරගත යුතුයි ! - පොහොට්ටුවෙන්ම චෝදනා
නොරොච්චෝල යලි වැඩ .. 132kV පද්ධතිය සක‍්‍රියයි.. ටික වේලාවකින් රටටම විදුලිය…
ගෑස් පුපුරන්නේ ඩොලර් නැතිනිසා බියුටේන් අඩු කිරීමෙන්..
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්.. කොරෝනා මාර්ගෝපදේශ පිලිපදින්නැයි දන්වයි..
ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්.. කොරෝනා මාර්ගෝපදේශ පිලිපදින්නැයි දන්වයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA9_oR70fyvqXbgEVU1bGbGU2l4Kdo-0sKFdzTkWWAcSQXq0U5WcFzUtZipVCoWzeFZgvrlvEXqZdM5RNvCaa8a7lwP2nbhAadZSia0vhnX1XcabBst50fnyQzPg_Mzz8yJDhX5ERAIrTs5En4nS1DGYVCKiwu062HvUY0t02nq4XZci2nTBdtFo5FauZ5/s320/alt.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA9_oR70fyvqXbgEVU1bGbGU2l4Kdo-0sKFdzTkWWAcSQXq0U5WcFzUtZipVCoWzeFZgvrlvEXqZdM5RNvCaa8a7lwP2nbhAadZSia0vhnX1XcabBst50fnyQzPg_Mzz8yJDhX5ERAIrTs5En4nS1DGYVCKiwu062HvUY0t02nq4XZci2nTBdtFo5FauZ5/s72-c/alt.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy