2024 පාර්ලිමේන්තු මැතිවරණය අද (14) දින පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් සදහන්. ඒ අනුව අද දි...
2024 පාර්ලිමේන්තු මැතිවරණය අද (14) දින පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් සදහන්.
ඒ අනුව අද දිනයේ උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
2024 මහ මැතිවරණය සදහා අපේක්ෂකයින් 8,888ක් තරග වදින අතර ඡන්දය භාවිත කිරීම සදහා ඡන්ද දායකයින් 17,140,354ක් සුදුසුකම් ලබා ඇති අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මේ වනවිට ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දීමක් කරයි.
කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් සදහන්.
එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවිය යුතු බවද සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් සදහන්.
මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන (14) වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බවද සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් සදහන්.
COMMENTS