දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දේශපාලකයින්ට දැන් මිනිස්සු රවට්ටන්න බෑ… ඡන්දෙදි කරන්න ඕන දේ ඔවුන් දන්නවා… දැන්වත් එකතු වෙලා වැඩ කරන්න… මල්වතු මහා නායක හිමියෝ සජබ දේශපාලන ලොක්කන්ට කියති!

පෙර මෙන් මිනිසුන් දේශපාලන්ඥයින්ට රැවටිය නොහැකි බැවින් ද ඡන්දයක දී කළ යුතු දේ සම්බන්ධව ඔවුන්ට හොඳ අවබෝධයක් පවතින බැවින් ද ශක්තිමත් විපක්ෂ ස...

පෙර මෙන් මිනිසුන් දේශපාලන්ඥයින්ට රැවටිය නොහැකි බැවින් ද ඡන්දයක දී කළ යුතු දේ සම්බන්ධව ඔවුන්ට හොඳ අවබෝධයක් පවතින බැවින් ද ශක්තිමත් විපක්ෂ සන්ධාන හැදීමේ කටයුතු පසෙක තබා ආණ්ඩු පක්ෂය හා එක්ව කටයුතු කර රට ගොඩ නගන ලෙස මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ අද රටේ ප්‍රධාන විපක්ෂයවන සමගි ජන බලවේගයේ නියෝජිතයන්ට අවවාද කළහ.

උන් වහන්සේ පැවසුවේ පසුගිය වකවානුවේ සිටි පාලකයින් සියලු දෙනා රට විනාශයට ගෙනා බැවින් කොහි මොහොතක හෝ ආණ්ඩු බලය ලබා ගැනීමේ අදහසින් තොරව විපක්ෂය ආණ්ඩුව හා එක්ව කටයුතු කිරීම වැදගත් බවය.

ඉදිරියේ දී පත්වන නව පාර්ලිමේන්තුව තුළ හෝ පක්ෂ විපක්ෂ කණ්ඩායම් එකතු වී වැඩ කරන්නේ නම් එමගින් රටට යහපතක් වනු ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මල්වතු මහනාහිපාණන් එසේ පැවසුවේ සමගි ජනබලවේගයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකර් ඇතුළු කණ්ඩායමක් ඊයේ (15) පෙරවරුවේ උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ය.

සිය අනුශාසනාව කරමින් එහිදී මල්වතු මහා නායක හිමියෝ මෙසේ කීහ.

 “අද මේ රට තිබෙන්නේ ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක බව අපි කවුරුත් තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි පක්ෂ, පාට භේද පැත්තක තියලා එකතු වෙලා වැඩ කරන්න කියන්නේ. පහුගිය කාලය පුරාම අපි කිව්වා එකතු වෙලා වැඩ කරන්න කියලා.

කවුරුවත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. විපක්ෂය බලන්නේ කොහොමද බලයට එන්නේ කියලා. ආණ්ඩුවට සහය දෙන්නෙත් ඒ ගැන හිතමින්. ”

“රටේ අනාගතය ගැන හිතලා කොයි කාටත් එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන. එකතු වෙලා වැඩ කරන්න කොයි මොහොතක හරි බලය ගන්න වුවමනාවෙන් එකතු වෙලා වැඩ කරනවා නම් ඒක සාර්ථක නැහැ. අපි එකතු වෙන්න ඕන රටේ අහිංසක ජනතාව ගැන හිතලා මිස පක්ෂවල පැවැත්ම ගැන හිතලා නෙවෙයි. ”

“මිනිස්සුන්ව දැන් ඉස්සර වගේ දේශපාලනඥයින්ට රවට්ටන්න බැහැ. ඒ අය දැනුවත්. ඡන්දකය දී කරන්න ඕන මොකක්ද කියලා ඒ අය දන්නවා. අද හැමෝම කතා කරන්නේ ශක්තිමත් විපක්ෂයක් හදන්නයි. සමගි ජන බලවේගයත් ඉන්නේ ඒ මතයේ ද ?. සර්වජන බලය පක්ෂය ඇතුළු බොහෝ දෙනෙක් ශක්තිමත් විපක්ෂයක් හදන එක ගැන කතා කරනවා මම දැක්කා.”

“හිටපු පාලකයෝ වැඩ කළේ නැහැ. අඩුපාඩු බොහොමයක් රටේ තිබෙනවා. දැන්වත් මේවාට විසඳුම් දෙන්න මහමැතිවරණයෙන් පසු හැමෝම එකතු වෙලා වැඩ කරනවා නම් අපි කැමතියි. අපේ රටේ විරුද්ධ පක්ෂය හැමදාම කළේ ආණ්ඩු පක්ෂයට උදව් නොකරන එකයි. දැන්වත් මේ තත්ත්වය වෙනස් වෙනවා නම් හොඳයි”

ොමෙහි දී අදහස් දැක් වූ සමගි ජනබලවේගයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකර් පැවසුවේ ලෝකයේ දැන් අංශ වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික ප්‍රවාහ නැති බවත් මැද මාවතේ ගමන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස ජනාධිපතිවරයා සමග සමගි ජන බලවේගයට අවබෝධයෙන් වැඩ කළ හැකි බවත්ය.


පසුගිය මැතිවරණයේ දී තමන් රට ගොඩනගන තම වැඩපිළිවෙළ ඉදිරිපත් කරද්දී ජනතාව ඡන්දය දුන්නේ වංචාව සහ දූෂණය පිටු දකින්නට බව සභාපතිවරයා කීවේය

“මේ මොහොතේ රට පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධව අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අවංකව එකතු වී වැඩ කරන්න අපි සූදානම්. ” එසේ කී ඉම්තියාස් ලෝක දේශපාලන ප්‍රවනතා ද මහා නායක හිමියන් අභියස දක්වා සිටියේය.

“ප්‍රංශයේ ජනාධිපති එක පක්ෂයක පාර්ලිමේන්තුවේ වැඩි බලය වෙනත් පක්ෂයකට. ඇමරිකාවේ බයිඩන් ජනාධිපති ඩිමොක්ක්‍රටික් පක්ෂයේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය රිපබ්ලිකන් පක්ෂයේ. ජනාධිපතිවරයා රටට යහපත් දෙයක් කරනවා නම් අවබෝධයෙන් වැඩ කරන්න අපි සෑම විටම සූදානම්.”

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28974,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලකයින්ට දැන් මිනිස්සු රවට්ටන්න බෑ… ඡන්දෙදි කරන්න ඕන දේ ඔවුන් දන්නවා… දැන්වත් එකතු වෙලා වැඩ කරන්න… මල්වතු මහා නායක හිමියෝ සජබ දේශපාලන ලොක්කන්ට කියති!
දේශපාලකයින්ට දැන් මිනිස්සු රවට්ටන්න බෑ… ඡන්දෙදි කරන්න ඕන දේ ඔවුන් දන්නවා… දැන්වත් එකතු වෙලා වැඩ කරන්න… මල්වතු මහා නායක හිමියෝ සජබ දේශපාලන ලොක්කන්ට කියති!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiILcpSJW7a-oP23jnMLkmWTlI5iUNSiRDof7t1ZpTWja8GtEnuBziAftf2jkwJ0m77NqKbjh-AhVUPLQFQn1XMF5uQu2sPIZEcNZIvtMTurbgdugOMz_i63FVumj8uEEm6P2rUbLyTj0C0EDjLzjpuecd-PqYmfhEybMAFJhOYdfzdoSp2FgFoM9EF8faC/s320/Untitled-1-8-750x501.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiILcpSJW7a-oP23jnMLkmWTlI5iUNSiRDof7t1ZpTWja8GtEnuBziAftf2jkwJ0m77NqKbjh-AhVUPLQFQn1XMF5uQu2sPIZEcNZIvtMTurbgdugOMz_i63FVumj8uEEm6P2rUbLyTj0C0EDjLzjpuecd-PqYmfhEybMAFJhOYdfzdoSp2FgFoM9EF8faC/s72-c/Untitled-1-8-750x501.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy