දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වලින් වව්නියාවේ සිංහල සිසුන්ට අසාධාරණයක්
Homeප්‍රවෘත්ති

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වලින් වව්නියාවේ සිංහල සිසුන්ට අසාධාරණයක්

PropellerAds

ඔවුන් සඳහන් කරන්නේ දෙමළ දරුවන් සේම සිංහල දරුවන්ද සමානව යුද්ධයෙන් බැට කෑ බවත්, නමුත් මේ වන විට අධ්‍යාපන පහසුකම් වලින් උසස් තත්වයේ පවතින උත...

චීන එන්නත භාවිත නොකරනු..- විශේෂඥ කමිටුව රජයට දැනුම් දේ..
මාධ්‍ය මර්දනයේ අඳුරු යුගය අපට අමතක නෑ. මාධ්‍ය නිදහස නැති තැන හැදෙන්නේ ඒකාධිපතිත්වයක් - සජිත්
අනුරාධපුර පූජා නගරයේ අවිධිමත් ඉදිකිරීම්.. උසාවි යන බව රුවන්මැලිසෑ අධිපති හිමියෝ කියති… අටමස්ථාන හිමිද විරෝධය..
5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වලින් වව්නියාවේ සිංහල සිසුන්ට අසාධාරණයක්

ඔවුන් සඳහන් කරන්නේ දෙමළ දරුවන් සේම සිංහල දරුවන්ද සමානව යුද්ධයෙන් බැට කෑ බවත්, නමුත් මේ වන විට අධ්‍යාපන පහසුකම් වලින් උසස් තත්වයේ පවතින උතුරේ දමිළ දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු අඩු වුවත් සිංහල දරුවක් වෙනුවෙන් කඩඉම් ලකුණු අසාධාරණ ලෙසින් වැඩි කර ඇති බවත් ය.

උදාහරණයක් වශයෙන් දෙමාපියන් පෙන්වා දෙන්නේ අධ්‍යාපන පහසුකම් වලින් ඉහළ තැනක් ගන්නා අනුරාධපුර දිස්ත්‍රික්කයට කඩඉම් ලකුණ 160 ක් වන විට යුද්ධයට මුහුණ දුන් වව්නියාවේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන සිංහල දරුවන්ගේ කඩඉම් ලකුණු 161 ක් වශයෙන් දක්වා ඇති බවයි. වවුනියාව දෙමළ මාධ්‍ය සිසුන් සඳහා එම අගය 154 කි.

ඊට අමතරව අධ්‍යාපන පහසුකම්වලින් ඉහළ තත්වයේ සිටින යාපනය දිස්ත්‍රික්කයේ එම ලකුණු සීමාව 155 කි. උතුරේ සෙසු දිස්ත්‍රික්ක වන කිලිනොච්චිය - ලකුණු 154, මුලතිව් - 154, මන්නාරම -153 ක් වේ.

ඒ අනුව යුධමය පසුබිමට මුහුණ දෙමින් අඩුම පහසුකම් මෙන්ම අවතැන්ව නැවත පදිංචි කළ වැඩි ජන පිරිසක් සිටින වවුනියාවේ සිංහල දරුවන්ට 161 ක කඩඉම් ලකුණු සීමාවක් ලබා දීම සාධාරණයක්දැයි ප්‍රශ්න කරන  දෙමාපියෝ, පහසුකම් ඇති අනුරාධපුරයේ  උතුරු මැද පළාතේ මෙම අගය වවුනියාවේ සිංහල දරුවන්ටද වඩා අඩු අගයක් වන 160 ක් වීමද බලධාරින්ගේ අවධානයට යොමු නොවන්නේ මන්දැයි විමසති.

ඊට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයට කඩඉම් ලකුණු 160 ක් ලෙසින් දක්වා ඇත. මුලතිව් දිස්ත්‍රික්කයට වැලිඔය කලාපයද හසුවන අතර වැලිඔය ද යුද්ධයට දැඩි සේ බිලිවුණු දැඩි දුෂ්කර ප්‍රදේශයකි.

එමෙන්ම මෙවැනි වාතාවරණයකට මුහුණ දී ඇති වව්නියාවේ සහ මුලතිව්හි සිංහල පාසල් දරුවන්ගේ කඩඉම් ලකුණු ප්‍රමාණයන් තීරණය කරනු ලබන්නේ කුමන තරාතිරමක් තුළ කුමන වාතාවරණයක් යටතේද යන්න දැන ගැනීමට අයිතියක් ඇති බවද වව්නියාවේ සිංහල පාසල් දරුවන්ගේ දෙමාපියෝ කියා සිටිති.

-  වන්නි රොමේෂ් මධුෂංඛ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වලින් වව්නියාවේ සිංහල සිසුන්ට අසාධාරණයක්
5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු වලින් වව්නියාවේ සිංහල සිසුන්ට අසාධාරණයක්
http://ift.tt/2wKM16y
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/5_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/5_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy