දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රහස් පොලීසියේ ලොක්කෝ කෝටි ගණනින් කප්පම් ඉල්ලයි... විජයදාස – රංගේ⁣ගේ පුතාලටත් වැඩ වරදී!

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ පාලිත රංගේ බංඩාරගේ බෑණා වන නීතිඥ එරංග වැලිඅංගේ යන දෙදෙනා තමන් හමුවී මුදල් ව...

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ පාලිත රංගේ බංඩාරගේ බෑණා වන නීතිඥ එරංග වැලිඅංගේ යන දෙදෙනා තමන් හමුවී මුදල් විශුද්ධිකරණ පනත යටතේ තමාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බවට ප්‍රකාශයක් කළ බව අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සදහන් කරයි.

රහස් පොලීසිය සිදුකරන විමර්ශනය නිවැරදිව සිදු කළොත් ලලිත් ‌කොතලාවලට වගේ තමාටත් හිරේ යන්න ‌වන බවත් තම වත්කම් අත්හිටුවන බවට ඔවුන් දෙදෙනා ප්‍රකාශ කළ බවත් අනතුරුව ඔවුන් දෙදෙනා මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහල නිලධාරීන්ට මුදලක් ලබාදෙන ලෙස ප්‍රකාශ කළ බවද විරංජිත් තාඹුගල සදහන් කරයි.

ඒ අනුව තමාගේ වත්කම් සම්බන්ධව පවත්වන විමර්ශනය නැවැත්වීමට නම් එවක රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් රුපියල් ‌කෝටි 30ක මුදලක් ඔවුන්ට අවශ්‍ය බවට ප්‍රකාශ කළ බවද විරංජිත් තාඹුගල සදහන් කරයි.

අනතුරුව තමා ඔවුන් සමග කතා කර රුපියල් කෝටි 30ක කප්පම් මුදල රුපියල් කෝටි 12ක් දක්වා අඩු කරගත් බවත් අනතුරුව තවදුරටත් කතා කර කෝටි 12ක කප්පම් මුදල කෝටි 5ක් දක්වා අඩු කරගෙන එම මුදලින් රුපියල් කෝටි 2ක මුදලක් ඔවුන්ට ලබාදුන් බවද විරංජිත් තාඹුගල සදහන් කරයි.

අනතුරුව රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණට තවත් රුපියල් ‌කෝටි දෙකහාමාරක මුදලක් තමන් ලබාදුන් බවත් එම මුදල් ලබාදුන් බව තහවුරු කිරීමට අවශ්‍ය ඔඩියෝ සහ වීඩියෝ සාක්ෂි ඇතුළු තවත් සාක්ෂි රැසක් තමන් ලග තිබෙන බවද සදහන් කරයි.

නීති විරෝධී ආකරයෙන් වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරංජිත් තාඹුගල මෙම තොරතුරු හෙළිකරයි.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28931,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රහස් පොලීසියේ ලොක්කෝ කෝටි ගණනින් කප්පම් ඉල්ලයි... විජයදාස – රංගේ⁣ගේ පුතාලටත් වැඩ වරදී!
රහස් පොලීසියේ ලොක්කෝ කෝටි ගණනින් කප්පම් ඉල්ලයි... විජයදාස – රංගේ⁣ගේ පුතාලටත් වැඩ වරදී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmcxxv5agqHOjNH2FLN8igjt1tlFKCn-y0o8RELczyfFcDWYHM-VIh1wTOEZ1GO6V166jSTlTTpt7cr5rC7gDUsO0eOgz_Y1K3XRiTyMyGdML4qH2nmTYvvS4OlKQekOD9FXNGwL4eaBbRFmvYOLx7RRSUSSkynDYgId2OVNDl2Q5wcufau2aK1liJC6A2/s320/wijedasa-palitha.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmcxxv5agqHOjNH2FLN8igjt1tlFKCn-y0o8RELczyfFcDWYHM-VIh1wTOEZ1GO6V166jSTlTTpt7cr5rC7gDUsO0eOgz_Y1K3XRiTyMyGdML4qH2nmTYvvS4OlKQekOD9FXNGwL4eaBbRFmvYOLx7RRSUSSkynDYgId2OVNDl2Q5wcufau2aK1liJC6A2/s72-c/wijedasa-palitha.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy