දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් වී ඇති ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අතර යෝජිත විවාදය අද ...
දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් වී ඇති ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අතර යෝජිත විවාදය අද (06) දිනයේ පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව වාර්තා වේ.
ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයාගේ අත්සනින් යුතු ලිපි දෙකක් මගින් අනුර සහ සජිත් පාර්ශවයන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ, (06) වැනිදා රාත්‍රී 10.00ට ස්වාධීන රූපවාහිනී HD මැදිරිය තුළ යෝජිත විවාදය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
සභාපතිවරයාගේ ලිපියට පිළිතුරු දක්වමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ලිපියක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අද දිනයේ විවාදය සඳහා සූදානම් බවයි.
එමෙන්ම එම විවාදය සඳහා සමග ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් ද යන්න තම පක්ෂය වෙත කඩිනමින් දැනුම් දෙන ලෙසත් නලින්දි ජයතිස්සගේ අත්සනින් යුත් එම ලිපිය මඟින් ITN සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
එම ලිපියට නැවතත් පිළිතුරු ලිපියක් සපයමින් ITN සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විමසා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස වෙත යැවූ ලිපිය සඳහා මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
කෙසේ වෙතත් ස්වාධීන මාධ්‍ය ජාලය සඳහන් කරන්නේ අද (06) දිනයෙහි එම විවාදය සඳහා පක්ෂ නායකයින් සහභාගී වේ නම් විවාදය පැවැත්වීමට තම ආයතනය සූදානම් සිටිනා බවයි.

COMMENTS