සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍ය ධුරය දරන කාලසීමාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 19 දෙනෙකු ජලනී ප්‍රේමදාස මහත්මියගේ රූපලාවණ්‍ය ආයතනය...
ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන නිලධාරී වාර්තාවක් උපුටා දක්වමින් ඔහු කියා සිටියේ 2016 වසරේ සිට මෙම රාජ්‍ය මුදල් අවභාවිතාව ඔහු විසින් සිදු කර ඇති බවයි.
අදාළ සේවකයන්ගෙන් විගණන නිලධාරින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් මේ බව පිළිගෙන ඇති බවත් ඉංජිනේරු සංස්ථාවෙන් වැටුප් ලබමින් ජලනි ප්‍රේමදාස මහත්මියගේ ආයතනයේ සේවයේ යෙදී සිටි බවත් ඔවුන් සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද බල ප්‍රදේශවල හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගෙන එන ලද සේවකයන් පිරිසක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඇතුළත් කර ඔවුන් එහි සේවයෙන් නිදහස් කර ජලනි ප්‍රේමදාස මහතාගේ ආයතනයේ සේවයට යොදවා තිබූ බවටද ඔහු එහිදී කියා සිටියේය.
අදාළ විගණන වාර්තාව ඔහු විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද කටයුතු කරන ලදී.
ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණන වාර්තාව පිළිගනිමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී දින ගණනාවක් තිස්සේ ක‍්‍රිකට් ආයතනයට පහර දුන් බවත් ඒ අනුවම ඔහු විසින් මෙම විගණන වාර්තා ද පිළිගත යුතු බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

COMMENTS