කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් ලෙස පෙනී සිටිමින් මහවිරු දිනය දා රූපවාහිනී නාලිකා කීපයක් ඔස...
ඇය පිළිබදව තොරතුරු සොයා බලන ලද ආරක්ෂක අංශ බුද්ධි අංශ වලට වාර්තා වී ඇත්තේ ඇගේ නම රාජරත්නම් මිත්තුයා බවය.
ඇය සතු ගමන් බලපත්‍රයේ විස්තර හා තොරතුරුද බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මේ දැක්වෙන්නේ රාජරතන්ම් මිතුයා ප්‍රභාකරන් දියණිය ද්වාරකා ප්‍රභාකරන් ලෙස පෙනී සිටිමින් කළ කතාවය.
ඇය රූපවාහිනීයේ පෙනී සිට දෙමළ ජනතාව අමතා කියා සිටියේ තමන් ප්‍රභාකරන්ගේ දියණිය බවත් ඊලාම් දේශයේ ජනතාව ඇමතීමට අවස්ථාවක් ලැබීම විශාල භාග්‍යයක් බවත්ය.
කෙසේ හෝ යළි ශ්‍රී ලංකාව තුළ ඊළාම් දේශයක් ගොඩ නැගීම පිණිස ඇය ශ්‍රී ලංකාවේ උතුරු පළාතට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවද ඇය ජනතාව අමතමින් පැවසුවාය.
එම රූපවාහිනී කතාව පැවැත් වූ දිනයට පසු දින ඇය යුරෝපා රටක වීදියක් දිගේ ඇවිද ගෙන ගොස් සුපිරි වෙළද සංකීර්ණයකින් භාණ්ඩ මිලට ගන්නා ඡායාරූප කීපයක්ද අන්තර් ජාලය ඔස්සේ සංසරණය වෙමින් තිබුණි.
මිත්තුයා…
එම ඡායාරූප වලට ඉහලින් හා ඇතැම් ඡායාරූප වලට පහලින් ”Game over” ලෙස සදහන් කොට තිබුණි.
මේ ගැන වැඩිදුරටත් කරුණු සොයා බැලූ බුද්ධි අංශ නිලධාරීන්ට වාර්තා වී ඇත්තේ ඇයව දෙමළ ඩයස් පෝරව විසින් කුළියට ගෙන ඇය කතාවකට පුහුණු කොට වෙස් ගන්වා ඇති බවත් මෙම ඉදිරිපත් කිරිමේ දී කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන තාක්ෂණික මැදිහත් වීමක් ද සිදුකර ඇති බවත්ය.
දෙමළ රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේ ඇය කළ කතාව දෙමළ ජනතාවගේ සිත් තුළ විශාල කැළඹීමක් ඇති කර තිබිණි.
කොටි සංවිධානය දෙමළ ජනතාව අතර යළි ප්‍රවර්ධනය කරවීම සදහා දෙමළ ඩයස් පෝරාව මෙම උත්සාහය ගෙන ඇති බවද ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සදහන් කොට තිබේ.
-දිනසේන රතුගමගේ
-lankasara
COMMENTS