ඩොලර් බිලියන 4.5 ක පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීන රාජ්‍ය පිරිපහදු සමාගමක් වන සිනොපෙක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අනුමත කිරීමට රජය සූදාන...
ඩොලර් බිලියන 4.5 ක පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීන රාජ්‍ය පිරිපහදු සමාගමක් වන සිනොපෙක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අනුමත කිරීමට රජය සූදානමින් පසුවන බව වාර්තා වේ.
” එය සඳුදා රැස්වන කැබිනට් මණ්ඩල න්‍යාය පත්‍රයේ තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබුණු පසු අපි ඔවුන්ට ගිවිසුම අත්සන් කරන්න ආරාධනා කරනවා,” විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
වසර 70කට වැඩි කාලයක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන ශ්‍රී ලංකාව නව ආයෝජන සඳහා දැඩි අපේක්ෂාවෙන් පසුවේ.
මෙම ඉන්ධන පිරිපහදුව සඳහා අගෝස්තු මාසයේදී Sinopec සහ Vitol සමාගම් ලංසු තැබීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කෙටි ලැයිස්තු ගත කර තිබුණත් . විටෝල් පසුව ඉවත් වූ බව සිනොපෙක් ප්‍රකාශකයන් විදෙස් පුවත් ඒජන්සි වෙත ප්‍රකාශ කර තිබේ.
Sinopec යනු ධාරිතාවෙන් ලොව ඉහළම පිරිපහදු පහසුකම් සහිත සමාගමිකි. ලෝකයේ විශාලතම ඛනිජ රසායනික නිෂ්පාදකයන්ගෙන් කෙනෙකි. Sinopec සමාගම සතුව සෞදි අරාබියේ පිරිපහදු වත්කම් තිබේ. Sinopec රුසියාව තුළ ඛණිජ රසායන නිෂ්පාදන කරයි.
රජයේ නිල අනුමැතිය ලැබීමෙන් පසු පිරිපහදුවෙහි ප්‍රමාණය සහ තාක්ෂණික වින්‍යාසය අවසන් කිරීම ඇතුළුව සිනොපෙක් මූලික ඉංජිනේරු සැලසුම් ආරම්භ කරන බව සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේ මාසයේ රොයිටර් වෙත පවසා ඇත.
ලොව විශාලම ඛණිජ රසායන නශ්පාදන සමාගමක්වන Sinopec පිරිපහදුව සඳහා කරන ආයෝජනයත් සමග මේ වනවිට ක්‍රියාත්මක ස්වකීය ඉන්ධන පිරවුම්හල් 150 තුළින් අතශය තරගාකාරී මිලකට ඉන්ධන අලෙවි කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ. Sinopec ඉන්ධන සිල්ලර අලෙවිය සඳහා බලපත්‍රයක් සහිතව රට තුළ ක්‍රියාත්මකවන තුන්වන ජාත්‍යන්තර සමාගමය.
1969 දී ආරම්භ කරන ලද ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතුව ඇති සපුගස්කන්ද ශ්‍රී ලංකාවේ පිරිපහදුව මඟින් දිනකට තෙල් බැරල් 38,000ක් සකස් කළ හැකිය.
ලංකාසර

COMMENTS