දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩීපී එඩියුකේෂන් ආයතනය ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් කිරුළු පළදී!
Homeප්‍රවෘත්ති

ඩීපී එඩියුකේෂන් ආයතනය ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් කිරුළු පළදී!

PropellerAds

ඩීපී එඩියුකේෂන් හි සිව්වන සාංවත්සරික සැමරුම කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී 2023 ඔක්තෝබර් 11 වන දින සවස් වරුවේ උත්සවශ්‍රීයෙන් පැව...

වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සම්පූර්ණයෙන්ම නිදොස්.. ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්‍ෂණයක් !
කෙටි කලකට රට භාර ගන්නැයි කළ ඉල්ලීම් ගැන යුදහමුදාපති පිළිතුරු දෙයි !
මිනිස්සු කියනවා මට මේක ගන්න කියලා. ආපසු දීමට නම් මාස තුනකට වඩා කාලයක් ගත‌වෙයි – හමුදාපති
ඩීපී එඩියුකේෂන් හි සිව්වන සාංවත්සරික සැමරුම කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී 2023 ඔක්තෝබර් 11 වන දින සවස් වරුවේ උත්සවශ්‍රීයෙන් පැවැත්වුනි. මේ සඳහා පූජ්‍ය පක්ෂය, සම්භාවනීය අමුත්තන්, දෙමව්පියන්, සිසු දරුවන් ඇතුළු 1200කට අධික පිරිසක් සහභාගි විය.

උත්සවයේදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රධාන දේශනය සිදුකළ අතර, එහිදී තොරතුරු තාක්ෂණය ඉගෙනීමේ ඇති වැදගත්කම, අනාගතයේ රැකියා වෙළඳපොලෙහි ඇතිවන විශාල ඉල්ලුම හා එමගින් ලංකාවට විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව මෙන්ම ලංකාවෙ කේතිකරුවන් මිලියනයක් බිහිකිරීමේ වැඩපිළිවල පිළිබඳව පැහැදිලි කරන ලදී. 
 
මීට අමතරව එතුමා විසින් ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදය නිර්මාණය කිරීමට ඩීපී එඩියුකේෂන් හට වසර හතරකින් හැකිවුණ බව පවසන ලදී. පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Bett Asia සම්මාන උළෙලේදී ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යන ඩීපී එඩියුකේෂන් වැඩසටහන ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ. 
 
මෙම සම්මානය පිරිනමනු ලබන්නේ පාසල් අධ්‍යාපනය නවීකරණය සඳහා නිර්මාණශීලී නවීන තාක්ෂණික විසඳුම් භාවිතා කරන අධ්‍යාපන වැඩසටහන් සඳහා ය. වාර්ෂික පවත්වනු ලබන Bett Asia සම්මාන උළෙලේදී ආසියා පැසිෆික් කලාපය තුළ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරන අධ්‍යාපනික තාක්ෂණ ප්‍රවණතා නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයින් ඇගයීමට ලක් කරනු ලැබේ. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ජපානය, කොරියාව, සිංගප්පූරුව සහ චීනය යන සෙසු තරගකරුවන් අබිබවා ඩීපී එඩියුකේෂන් ආයතනය මෙහිදී ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් පළමු ස්ථානයට පත්වීම විශේෂත්වයකි.

ලංකාව සංවර්ධනය කිරීමට නම් ඇනලොග් යුගයෙන් ඩිජිටල් ‍යුගයකට යා යුතු බවත්, මේ වනවිටත් අනෙකුත් රටවල් ඩිජිටල් යුගයකට ගොස් ඇති බැවින් තමන් ශ්‍රී ලංකාවද ඩිජිටල් යුගයක් කරා ගෙනයාමට සූදානම් බව එතුමා විසින් තව දුරටත් පවසන ලදී. ඩීපී එඩියුකේෂන් සමග මාස 7ක පමණ කාලයක් අධ්‍යාපනය ලැබූ සිසුන්ට, ආයතනවලින් ඔවුන්ව රැකියා සඳහා ඇරයුම් කළ බවද එතුමා එහිදී පවසන ලදී.

ආරම්භක දේශනය ප්‍රධාන විධායක නිලධාරි කෞෂි අමරසිංහ මෙනෙවිය විසින් සිදුකරන ලදී. එහිදී ඩිජිටල් සාක්ශරතාවෙන් යුත් ශ්‍රම බලකායක් බිහිකිරීම සහ ඔවුන් සක්‍රීය ඩිජිටල් ආර්ථිකයක රැකියා වෙළෙඳපොළට සහභාගි කරගැනීම සම්බන්ධයෙන් ඩීපී එඩියුකේෂන් හි කාර්යභාරය ගැන පැහැදිලි කෙරුණි. ආරාධිත දේශනය ශ්‍රී ලංකා ICTAහි සභාපති, හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මලික් රණසිංහ මහතා විසින් සිදුකරන ලදී.

උත්සවයේදී ඩීපී එඩියුකේෂන් හි නව සන්නාම කිහිපයක් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා අතින් දියත් කරන ලදී.

ඒවා වන්නේ,
1. ඩීපී එඩියුකේෂන් නව වෙබ් අඩවිය සහ දුරකථන යෙදවුම
2. ඩීපී කිඩ්ස් දුරකථන යෙදවුම
3. ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
4. මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාදෙන නව පාඨමාලා
5. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබාදෙන SAP Foundation පාඨමාලා
6. ඩීපී එඩියුකේෂන් භාෂා පාසල

භාෂා කුසලතා වර්ධනය කරගැනීමට හෝ ගෝලීය වෙළඳපොළේ ඉහළ රැකියා අවස්ථා හිමි කරගැනීමට අවශ්‍ය විවිධ භාෂා ඉගෙනීමට ඩීපී එඩියුකේෂන් භාෂා පාසල මගින් සියලුදෙනාට අවස්ථාව සලසා ඇත.

7. ඩීපී එඩියුකේෂන් ඔලිම්පියාඩ්
ඕනෑම අයෙකුට ජාත්‍යන්තර තරඟ සඳහා මෙන් ම පරිකල්පන බුද්ධිය දියුණු කරගැනීම සඳහා ඩීපී එඩියුකේෂන් වෙතින් ඔලිම්පියාඩ් ගණිතය ඉගෙනීමේ අවස්ථාව මේ හරහා උදා කර ඇත.

8. ඩීපී එඩියුකේෂන් මැජික් බිට්ස් වර්චුවල් රොබොට්ස්
ඩීපී එඩියුකේෂන් හා මැජික් බිට්ස් එක්ව සජීවීව අන්තර්ජාලය හරහා රොබෝ ෆාර්ම් හි රොබෝවරුන් පාලනය කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙහිදී සිදුවේ.

9. ඩීපී එඩියුකේෂන් ටිවෙට් අධ්‍යාපනය 
ගෝලීය රැකියා වෙළඳපලේ ඉහළ ඉල්ලුමක් ඇති ‍රැකියා සඳහා NVQ මට්ටම් 3 සහ 4 සඳහා අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගැනීමට වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ලබාදීම මෙම සන්නාමය යටතේ සිදුවේ.
 
10. ඩීපී එඩියුකේෂන් සත්කාරක සේවා පාඨමාලාව 
ඩීපී එඩියුකේෂන් හා කේ.අයි.යූ ආයතනය එක්ව ගෝලීය රැකියා වෙළඳපලේ ඉහළ     ඉල්ලුමක් ඇති සත්කාරක සේවා සැපයීම සඳහා අවශ්‍ය NVQ මට්ටම් 3 සහ 4 සුදුසුකම්  ඉගැන්වීමේ තෘතියික හා වෘත්තීය පාඨමාලාව.

ඩීපී එඩියුකේෂන් හා සහසම්බන්ධ වන මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයට හා රූස්ටර් ටෙක්නොලොජීස් ආයතන වලට ඔවුන්ගේ හවුල්කාරීත්වය වෙනුවෙන්  හා ඔවුන් නොමිලේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් ලබාදෙන දායකත්වයට සම්මාන




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩීපී එඩියුකේෂන් ආයතනය ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් කිරුළු පළදී!
ඩීපී එඩියුකේෂන් ආයතනය ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් කිරුළු පළදී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFIomFwEDLY3mZRQ1m6v7Ll7WhCdiJ_YIpT5ws4USLGhcmHjiwwWQAsRnv75-hFsSvy3493-xJ_449WsxR6NUe_mds6mTo0GaXuLC0Jn8le2IcwnB01PWM-Sea2Yqu5mLxRiudsI-Q7d38LdyXcqqL-CcSzahTI14hru8iMBpkYWJ035kq-8wE7QZ7XT1e/s320/DP-EN.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFIomFwEDLY3mZRQ1m6v7Ll7WhCdiJ_YIpT5ws4USLGhcmHjiwwWQAsRnv75-hFsSvy3493-xJ_449WsxR6NUe_mds6mTo0GaXuLC0Jn8le2IcwnB01PWM-Sea2Yqu5mLxRiudsI-Q7d38LdyXcqqL-CcSzahTI14hru8iMBpkYWJ035kq-8wE7QZ7XT1e/s72-c/DP-EN.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy