දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජැක්සන් ගැන කිසිවෙක් නොදන්න රහසක් ජනපති හෙලි කරයි
Homeප්‍රවෘත්ති

ජැක්සන් ගැන කිසිවෙක් නොදන්න රහසක් ජනපති හෙලි කරයි

PropellerAds

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ශෝක පණිවුඩයක් මෙහි දැක්වෙයි. ‘ජ...

ආණ්ඩුවේ ලොක්කන් රැසක් දොට්ට! ජනපතිගේ රතු කට්ට පනී
කොරෝනා මරණවලින් යුරෝපය පරදයි.. ලංකාව ඊයේ ලෝකයෙන් 09 වැනියා.. ඇමරිකාව 08 වැනියා.. ආසියාවේ 03 !
විමල් පිල ආණ්ඩුවේ තීන්දුවට පයින් ගහයි !
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ශෝක පණිවුඩයක් මෙහි දැක්වෙයි.

‘ජැක්සන් ඇන්තනීලාගේ කලා පරම්පරාවේ පුරෝගාමියෙකු වූ සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ කෘතියේ මෙසේ සඳහන් ය.

“ලොව වෙසෙන අප සියල්ලම මේ සත්‍යයට යටත්ය. කවදා හෝ අපට යන්නට සිදුවෙයි.”

බහු විධ කලා නිපුණයකු වූ ජැක්සන්ට ද අප අතැර යන්නට කාලය එළැඹ ඇත. නමුදු මේ තරම් ඉක්මනින් ඔහු යතැයි අප කිසිවකු සිතූයේ නැත.


ඔහුගේ නික්මීම ලාංකේය කලා නිර්මාණ ක්ෂේත්‍රයට සිදු වූ අති මහත් පාඩුවක් සේ මම දකිමි.

පසුගිය දින කීපය පුරා බොහෝ දෙනෙක් ජැක්සන්ගේ නිර්මාණ භූමිකාව ගැන අදහස් දැක්වූහ. එහිදී අතපසු වූ එක් කරුණක් පිළිබඳව විශේෂ අවධානයක් කිරීමට මම කැමැත්තෙමි.ඒ ඔහු නවකතාකරුවකු ලෙස දැක්වූ ප්‍රතිභාවයි.

“කන්ද උඩ ගින්දර” ජැක්සන් ලියූ මුල්ම නවකතාවයි. එහි දෙවන කොටස ලියන්නට ජැක්සන් සූදානමින් සිටි බව මම දනිමි. නමුත් එය අවසන් කර ගන්නට කලින් ඔහුගේ ජීවිතය අවසන් විය. එය ද කනගාටුවට කරුණකි”.

ඔහුගේ අභාවය පිළිබඳව මගේත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයන් හා නෑදෑ හිත මිතුරන් වෙත මෙසේ පිරිනමමි.

අවසාන වශයෙන් තවත් කරුණක් සඳහන් කළ යුතුය.ජැක්සන් ගේ ජීවිතයේ යම් යම් භාවිතාවන් තියුණු විවේචනයන්ට බඳුන් වූ අවස්ථා තිබිණි.ඒ වගත් සිහිපත් කරමින් ඔහු අනු දත් ධර්මයට අනුව බයිබලයේ එන මේ වැකි කීපය උපුටා දක්වනු කැමැත්තෙමි.

” විනිශ්චය නොකරන්න ,එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහිය. ඔබ දෙන විනිශ්චයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය.ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ.(බයිබලය-නව ගිවිසුම)

බහුවිධ කලා කුසලතාවන්ගෙන් සපිරි ජැක්සන් ඇන්තනීට මෝක්ෂ සුවය ලැබේවා’

රනිල් වික‍්‍රමසිංහ
ශ‍්‍රී ලංකා ජනාධිපති


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජැක්සන් ගැන කිසිවෙක් නොදන්න රහසක් ජනපති හෙලි කරයි
ජැක්සන් ගැන කිසිවෙක් නොදන්න රහසක් ජනපති හෙලි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCImPQkP1fbBp9jdhnIFNDGKWAmY9cyNrUjjjUSgcFcgYTUI0i6iPyQ0l-r1qXtdxPUpTGpm6HCzwhwUj9EpaL22WWLZPsX_fl6Pq5egxc6s_wKNa60929BrbzYaaQQ-FMpnpTxbRLZeai4YEhfAQ7_INFIS1gPSVu849MKozQGz7mQZvh3AoWkAZaSBYM/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCImPQkP1fbBp9jdhnIFNDGKWAmY9cyNrUjjjUSgcFcgYTUI0i6iPyQ0l-r1qXtdxPUpTGpm6HCzwhwUj9EpaL22WWLZPsX_fl6Pq5egxc6s_wKNa60929BrbzYaaQQ-FMpnpTxbRLZeai4YEhfAQ7_INFIS1gPSVu849MKozQGz7mQZvh3AoWkAZaSBYM/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy