දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තම දේශපාලන දිවිය ජනතාවගේ මුදලින් සමරන්න යන කැබිනට් ඇමැති – සැමරුම මාසයක් පුරා තියයි
Homeප්‍රවෘත්ති

තම දේශපාලන දිවිය ජනතාවගේ මුදලින් සමරන්න යන කැබිනට් ඇමැති – සැමරුම මාසයක් පුරා තියයි

PropellerAds

තමන්ගේ දේශපාලන දිවියට වසර 32ක් පිරීම නිමිති කර ගනිමින් එය සැමරීම සඳහාඑක් අමාත්‍යවරයෙක් තම අමාත්‍යංශය හරහා සංවිධානය කරන මහා සමරු උළෙල බොහෝ ...

පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි - මැතිඇමතිලා PCR මගහැර පැන යති
වරාය ගැන අදහස් දැක්වූ මංගල සමරවීරට සි බී ගෙන් චෝදනා ...."ගොනා හැරෙනකොට අපි දන්නවා" - (video )
අපේ සංචාරකයන් හෝටල් කාමරවලට කොටු කරන්න එපා.. සංචාරය කරන්න දෙන්න - යුක්රේන තානාපතිගෙන් ලක් රජයට දොස් !
තමන්ගේ දේශපාලන දිවියට වසර 32ක් පිරීම නිමිති කර ගනිමින් එය සැමරීම සඳහාඑක් අමාත්‍යවරයෙක් තම අමාත්‍යංශය හරහා සංවිධානය කරන මහා සමරු උළෙල බොහෝ දෙනකුගේ දෙබැම ඉහළ නංවා ඇති බව සඳහන් වෙයි. මෙම ඇමැතිගේ දේශපාලන සමරුව මාසයක කාලයක් පුරා දිවෙන උත්සව ගණනාවකින් සමන්විත බවත් තමන්ගේ දේශපාලන දිවියට වසර 32ක් පිරීම එහිදී උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු යෙදිය යුතු බවටත් අමාත්‍යංශයට උපදෙස් ලැබී තිබෙන බවද කියති.

මේ සම්බන්ධයෙන් ඔහුගේ අමාත්‍යංශය මගින් එයට අයත් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිපියක් යොමුකර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අමාත්‍යවරයාගේ දේශපාලන දිවිය සැමරීම සඳහා දකුණේ ගම්මාන 07ක වෙන් වෙන් වශයෙන් උත්සව 07ක් සංවිධානය කෙරෙන බවය. එම එක් එක් ගම්මානයේ සම්පූර්ණ දිනයම ගත කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති බැවින් අදාළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඒ ඒ උත්සව අවස්ථාවන්හිදී එම උත්සව සංවිධානයට අනුයුක්ත කර ඇති සියලු නිලධාරීන් දවස පුරාම ඒ ඒ ගම්මානවල රුඳී සිටිමින් පැවැත්වෙන උත්සව සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවය.

එක් දේශපාලනඥයකුගේ දේශපාලන දිවිය සැමරීම සඳහා රාජ්‍ය නිලධාරින් පිරිසක් සම්පූර්ණ දිනයක්ම කැපකිරීමට යොදවා ගැනීම ආණ්ඩුවේ ඉහළම බලධාරීන්ගේ බලවත් උදහසට ලක් වී ඇති බව සඳහන් ය.

- සන්ඩේ ටයිම්ස්

රහසේම අප්‍රිකානු රටකට ගිය ඉහළ නිලධාරියා

අමාත්‍යංශයක නිවාඩු ලබා සිටින ඉහළම නිලධාරියකුගේ ක්‍රියා පිටිපාටිය පිළිබඳව ඉහළම බලධාරීන්ගේ අවධානයට ලක්වී ඇතැයි සඳහන් වේ. ඔහු නිවාඩු ලබාගෙන ඇත්තේ විදෙස් ගමනක් සඳහා යාමට බවට දැනුම් දී තිබුණත් ඔහු ගමනාන්තය වශයෙන් දක්වා තිබූ බටහිර රටක අගනගරය ද පසුකරගෙන එම ගමන දීර්ඝ වී ඇතැයි සඳහන්ය. ඔහු එසේ ගමන්කර ඇත්තේ අප්‍රිකානු රටකටය. ඒ බව බලධාරීන් නොදැන සිටි බවත් කියති.

මේ තත්ත්වය තවදුරටත් නරක අතට හරවමින් වාර්තා වී ඇත්තේ ඔහු සමඟ මේ ගමනට තවත් පුද්ගලයකු සහභාගි වී ඇති බවත් එම පුද්ගලයා මුහුදට සම්බන්ධ ව්‍යාපාරයක් හරහා ධනවතකු බවට පත්වූ අයකු බවත් ය. බලධාරීන්ට වාර්තා වී ඇති අන්දමට මේ ගමනේ සියලු වියදම් දරන්නේ එම පුද්ගලයාය.

හිටපු ලේකම් ගැන වංචා විමර්ශනයෙන් පරීක්ෂණයක්

මේ අතර අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකුට අද හෙටම වංචා විමර්ශන අංශයට කැඳවීමක් ලැබෙනු ඇතැයි සඳහන්ය. විශ්‍රාම යාමෙන් පසුවද නිල ලිපි ලේඛනවලට තමන්ගේ අත්සන යෙදීම ඔහුට එරෙහි චෝදනාවයි.

මේ බව සොයාගෙන ඇත්තේ එම ධුරයට අලුතින් පත්ව ආ ලේකම්වරයාය. ඉඩම් පැවරීමට සම්බන්ධ ලිපි ලේඛනවලට තමන්ගේ අනුමැතියකින් තොරව අත්සනක් යොදා ඇති බව සොයාගැනීමෙන් පසුව ඔහු මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කර තිබේ.

නව ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් පතා ඇත. ඔවුන් උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයට පැමිණිලි කරන ලෙසටය. මේ ක්‍රියාවලිය තුළ කිසියම් නීති විරෝධී ප්‍රතිලාභ ලබා ගැනීමක් පැවතිය හැකි බවට සැකයක් පැවතීම ඊට හේතුවය.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ ලියැකියවිලි පෙර දාතමක් යොදා අත්සන් කර තිබෙන බවකි. එම පැවරීම් දැනටම අනුමත කර ඇති බවට හැඟීමක්  ඒ හරහා ලබාදී ඇති බව සඳහන් වෙයි. එහෙත් මේ ඉඩම් පැවරීම් සඳහා අනුමැතිය ලබා දී නොතිබීම හේතුවෙන් මේ සිද්ධිය හෙළිදරව් වී තිබේ.

- සන්ඩේ ටයිම්ස්

deshaya


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29394,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තම දේශපාලන දිවිය ජනතාවගේ මුදලින් සමරන්න යන කැබිනට් ඇමැති – සැමරුම මාසයක් පුරා තියයි
තම දේශපාලන දිවිය ජනතාවගේ මුදලින් සමරන්න යන කැබිනට් ඇමැති – සැමරුම මාසයක් පුරා තියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxzEIbIF6G64dHv7uSY9EceTSBjG6ntgOtf-NaRR9OtNckYM4JYBtWa7FG3faAyevNSgWd9Rr9Qz3RzAdRzyTTGVWVx597Uh2C5_UHgPbfickmSoNtKkjfxHMGBjonovrMqU-k_oSTsiXh19eMVbE9aKKkk1jigkKSoibSYOswKKHvzljYhGGscw/s320/parlemant.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxzEIbIF6G64dHv7uSY9EceTSBjG6ntgOtf-NaRR9OtNckYM4JYBtWa7FG3faAyevNSgWd9Rr9Qz3RzAdRzyTTGVWVx597Uh2C5_UHgPbfickmSoNtKkjfxHMGBjonovrMqU-k_oSTsiXh19eMVbE9aKKkk1jigkKSoibSYOswKKHvzljYhGGscw/s72-c/parlemant.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy