දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුද්ගලයන්ව බය ගන්වලා බලෙන් වැඩ ගන්න බෑ! ප්‍රශ්න මගහැර යන උපක්‍රමයත් විදිහට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කරනවා නම් ඒක අනුමත කරන්න බෑ! ජනාධිපති කියපු කතාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උත්තර! (VIDEO)
Homeප්‍රවෘත්ති

පුද්ගලයන්ව බය ගන්වලා බලෙන් වැඩ ගන්න බෑ! ප්‍රශ්න මගහැර යන උපක්‍රමයත් විදිහට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කරනවා නම් ඒක අනුමත කරන්න බෑ! ජනාධිපති කියපු කතාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උත්තර! (VIDEO)

PropellerAds

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යව...

දහසක් කඳුළු මැද ජයලලිතා සමුගනී (VIDEO)
ෆෙල්ප්ස් වසෙර් පිහිනුම් ක්‍රීඩකයා වෙයි
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ පුතු මරුට (VIDEO)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවය.

ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලබන සතිය වන විට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන් යොමු නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේ අදහස් පළ කළේය.

“යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදෙන්න පුළුවන් සේවය පිළිබඳ සලකලා. එහෙම නැතුව යම්කිසි වෘත්තියක නියැලි පිරිසක් තමන්ගේ වෘත්තීය ගැටලු ගැන කතා කරනකොට ඒ ප්‍රශ්නවලින් මඟහැර යෑමේ පිළිවෙතක් විදියට. එහෙම නැත්නම් ඒ පුද්ගලයින්ව බයගන්වලා හෝ ඒ පුද්ගලයින්ගෙන් බලහත්කාරයෙන් වැඩගැනීම සහ ඒ වගේ චේතනාවන් ප්‍රමුඛ කරගෙන එක් එක් සේවාවන් මේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරන ආකාරය පහුගිය කාලයේ වරින් වර අත්දැකි සිදුවීමක්. ඒ වගේ දෙයක් පදනම් කරගෙන යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරනවා කියන එක අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සන්තෝෂ වෙනවා අධ්‍යාපන කේෂ්ත්‍රය ගැන අවධානය යොමුවීම ගැන රටේ ඉහළම තැන්වලින්. නමුත් අවධානය යොමුවිය යුත්තේ මේ ආකාරයට නෙමෙයි. අධ්‍යාපන කේෂ්ත්‍රයේ දැවැන්ත ගැටලු තියෙනවා. ඒවා විසඳලා මේක අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් හොඳයි කියන එක තමා අපේ මතය.”

අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් ද මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේ පැහැදිලි කළේය.

“උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ වෙන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු කිහිප වතාවක් ප්‍රකාශ කරලා තියෙනවා. අපි මේ කාර්යයෙන් තාවකාලිකව ඈත් වුණේ, යම්කිසි සහනයක් බලාපොරොත්තුව මේ බදු ප්‍රශ්නයට. ඉතින් තාවකාලික සහනයක් හෝ ලැබෙයි කියන බලාපොරොත්තුව අපි තුළ තියෙනවා. යම් යම් සාධනීය ලකුණු ඒ පිළිබඳව මතුවෙමින් පවතිනවා. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විධායක කමිටුව තමා සියලු තීරණ ගන්නේ. මෙහෙ ඉන්න නිලධාරීන් නෙමෙයි. විධායක කමිටුවේ අපි රැස්වෙලා ඉදිරි දින කිහිපය තුළ අපිට පුළුවන් උපරිම දෙයක් කරන්න අපි සුදානමින් ඉන්නවා.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුද්ගලයන්ව බය ගන්වලා බලෙන් වැඩ ගන්න බෑ! ප්‍රශ්න මගහැර යන උපක්‍රමයත් විදිහට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කරනවා නම් ඒක අනුමත කරන්න බෑ! ජනාධිපති කියපු කතාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උත්තර! (VIDEO)
පුද්ගලයන්ව බය ගන්වලා බලෙන් වැඩ ගන්න බෑ! ප්‍රශ්න මගහැර යන උපක්‍රමයත් විදිහට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවා කරනවා නම් ඒක අනුමත කරන්න බෑ! ජනාධිපති කියපු කතාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උත්තර! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihqD1Ju1pWVknEnDkZYWgiG5_PbF5Ky0J3RoChmNq_Ll9pEk0lyivlC7boZJA2rnn3XN9VWz7tcHyO8XQzN_LSY9mhG9bCXlChL67yZZygxYcORYTxbv0taG0RUSepCZvsb7SX_OGvv4_O86TY5YMkF_jJq9Rhgavm86THX5JGIFEtU9ueDE4vPA/s320/SHYAM-BANNAHAKA-1-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihqD1Ju1pWVknEnDkZYWgiG5_PbF5Ky0J3RoChmNq_Ll9pEk0lyivlC7boZJA2rnn3XN9VWz7tcHyO8XQzN_LSY9mhG9bCXlChL67yZZygxYcORYTxbv0taG0RUSepCZvsb7SX_OGvv4_O86TY5YMkF_jJq9Rhgavm86THX5JGIFEtU9ueDE4vPA/s72-c/SHYAM-BANNAHAKA-1-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/video_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/video_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy