ජාතික නිදහස් දිනයට විරෝධය පළකරමින් යාපනයේ සිට මඩකළපුව දක්වා විරෝධතා පාගමනක් සංවිධාන කිරීමට යාපනය විශ්වවිද්‍යාලයීය සිසුන් තීරණය කොට තිබේ. ...
ජාතික නිදහස් දිනය දෙමළ වැසියන්ට ශෝක දිනයක් ලෙස නම්කොට ඇති අතර, ඔවුන් විරෝධතා පාගමන ගමන් කරන මාර්ගයේ සහ උතුරේ නිවෙස්වල කළු කොඩි එසවීමට තීරණය කොට ඇත.
විරෝධතා පාගමන සඳහා වවුනියාව, යාපනය, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කයන්හි සියලුම ස්වේච්ඡා සංවිධානවල සහාය ලබාදෙන ලෙස යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම් ඉල්ලීමක් ද කොට තිබේ.
යාපනයේ සිට මඩකළපුව දක්වා විරෝධතා රැලිය ගමන් කිරීමෙන් පසුව මඩකළපුවේදී මහජන රැලියක්ද පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
lankasara

COMMENTS