දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු නි. ඇමැතිගේ හොර ජීප් රථයක් අත්අඩංගුවට!
Homeප්‍රවෘත්ති

හිටපු නි. ඇමැතිගේ හොර ජීප් රථයක් අත්අඩංගුවට!

PropellerAds

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිත කරන බව කියන ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (30) සිය භාරයට ගනු ...

'කපුටා ප්‍රභාකරන්ට වඩා හෙනයක්... ප්‍රභාකරන්ට නොදෙවෙනි අවසානයක් අත්වේවා' - ඇමැති විජයදාස පුත් රඛිත
ඇත්තටම මුන්ට ලැජ්ජා නැද්ද? තමිල්නාඩුවේ මිනිස්සුන්ගෙන් එකතු කරලා ලංකාවට එව්ව නැවේ බඩු බාරගන්න! සූට්බූට් ගහලා කැබිනට් ඇමැතිලා දෙකයි හිටපු කැබිනට් දෙකයි වෙන්න ඇමැති සෙන්දිල් තොණ්ඩමනුයි වරායට ගිහින්! (VIDEO)
අදත් ඇමැතිවරු 10ක් දිවුරති... තවත් 04ට දොර හැර තබයි!
හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිත කරන බව කියන ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (30) සිය භාරයට ගනු ලැබීය. ඒ, එම රථය නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වා ඇතැයි සහ ලියාපදිංචි සහතික නොමැති බවට වන චෝදනාවකට අදාළවය. 
තීරු බදු නොගෙවා මෙරටට රැගෙන විත් නීතිවිරෝධි ලෙස එකලස් කළ සහ ලියාපදිංචි නොකළ බවට තොරතුරු වාර්තා වූ Isuzu Bighorn වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකක‍යේ නිලධාරින් ලුහුබැඳ ගොස්  තිබුණි.

එම නිලධාරීන් ජීප් රථය ගාල්ල නගරයේදී නවතා පරීක්ෂාවට ලක්කර තිබුණි.

එම ජීප් රථය එම අවස්ථාවේ පදවනු ලැබ ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බවටත් එහිදී හෙළිවී තිබේ.

කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ වර්තමානයේ ඔහු ගාල්ල පොලීසියට අනියුක්තව සේවය කරන අතර මීට පෙර ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කළ බවය.

ජීප් රථයේ හිමිකරු කවරෙක්දැයි වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකක‍යේ නිලධාරින් එහිදී විමසා ඇති අතර එම ජීප් රථය හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අයත් බව පොලිස් නිලධාරියා පවසා තිබේ.

සිදුකළ වැඩිදුර සෝදිසියේදී හෙළිවී ඇත්තේ එම ජීප් රථය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වරාය නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී නීතිවිරෝධිව තීරු බදු රහිතව මෙරටට ගෙන්වා එකලස් කරන ලද්දක් බවය.

එම රථය මෙරට තුළ ලියාපදිංචි කළ සහතික හෝ නොමැති බවත් අනාවරණය වී තිබේ.

ජීප් රථය නවීන පන්නයේ එකක් වුවත් එහි අංක තහඩුවේ 64 – 4115 දරන අංකය සඳහන් වීම තුළ විමර්ශකයින්ට ඒ සම්බන්ධයෙන්ද සැක මතු වී තිබේ.

ඒ අනුව, අංක තහඩුව සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදි එය වෙනත් මෝටර් රථයකට අංකයක් බවත් විමර්ශකයින් විසින් හෙළිකර ගැනුණි.

ජීප් රථය සම්බන්ධයෙන් සහ එය පැදවූ පොලිස් කොස්තාපල්වරයා සේවයේ රැඳීසිටියදීම මේ අයුරින් රියදුරෙකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකක‍යේ නිලධාරින් පවසයි.

මේ පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතතාගෙන් විමසීමට අප උත්සාහ කළත් ඔහුගේ දුරකථනය එම අවස්ථාවේ ක්‍රියා විරහිතව තිබුණි.

Adaderana


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු නි. ඇමැතිගේ හොර ජීප් රථයක් අත්අඩංගුවට!
හිටපු නි. ඇමැතිගේ හොර ජීප් රථයක් අත්අඩංගුවට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-2MGokyIPNKfVPyeoMQLb2cJp7luEOV-3iPNVlXwrLyn1ZypU2M-kT3y3oMjQkOvmcYaBLZemOKZj9nAgdDIWIrh7xUQ3xojtE6yHgAjdLeKOhIdHyXkL5eH5nhlLjcJ9VideNI3rOlnwCBai5HKcKdl2U-XvanoLJV7QLp-KRj7lrblHdE5d9TBiHA/w320-h179/nishantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-2MGokyIPNKfVPyeoMQLb2cJp7luEOV-3iPNVlXwrLyn1ZypU2M-kT3y3oMjQkOvmcYaBLZemOKZj9nAgdDIWIrh7xUQ3xojtE6yHgAjdLeKOhIdHyXkL5eH5nhlLjcJ9VideNI3rOlnwCBai5HKcKdl2U-XvanoLJV7QLp-KRj7lrblHdE5d9TBiHA/s72-w320-c-h179/nishantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_563.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_563.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy