වත්මන් ආණ්ඩුව පවතින ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උවමනාවක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හා ජනාධිපති ජ...
වත්මන් ආණ්ඩුව පවතින ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උවමනාවක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

මැතිවරණ නොපවත්වා ඉදිරියට යාමට ද ජනාධිපතිවරයා සූදානම් නැති බව ද පැවසූ ඔහු රටේ ඇති ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳා යථා තත්ත්වයට පත්වූ පසු නිසි කලට වේලාවට මැතිවරණ පවත්වන බවද පැවසීය.
මැතිවරණයකට යාමට පෙර ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කළ යුතු බවද පැවසූ ඔහු මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් රුපියල් බිලියනයකට වඩා වැය වන බව ද එවන් මුදලක් වැය කිරීමට මෙය අවස්ථාවක් නොවන බවත් සදහන් කලේය.
ජනාධිපතිවරයා යමක් කිරීමට උත්සාහ කරන්නේ යැයි විරුද්ධ බලවේග පවා පවසන බවත් එනිසා ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට සම්බන්ධ නොවන ලෙසත් අරගගකරුවන්ගේ ඉලක්කය කුමක්දැයි දැනගෙන කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS