දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරගලකරුවන් සමග විනිවිද භාවයකින් වැඩ කරන්න සූදානම්... ජනපති අරගලකරුවන්ට කියයි!
Homeප්‍රවෘත්ති

අරගලකරුවන් සමග විනිවිද භාවයකින් වැඩ කරන්න සූදානම්... ජනපති අරගලකරුවන්ට කියයි!

PropellerAds

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජ...

ඊයේ මහ රෑ වවුනියාව සෙට්ටිකුලමේ කැලෑබද ප්‍රදේශයකදී හමුදාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ තොරතුරු මෙන්න
තම දඬුවම ගැන යළි සලකා බලන්න - රන්ජන් අධිකරණයේ පිහිට පතයි
කැබිනට් සංශෝධනයක් ලඟදීම! කැබිනට් ඇමැති ධූර 2යි - ඇමැතිකම් හිමිවන්නේ මේ අයටයි
අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් ජනාධිපතිවරයා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ   අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්ධනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“අද අපේ විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදය බව ජනාධිපතිවරයා කීවේය. වර්ජන සෑම කාලයකම පැවතුනා. වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා  පැවසීය.

සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යාවශ්‍ය බව සඳහන් කළේය.

තමන් විසින් තරුණයින්ගේ අවශ්‍යතා රාජ්‍යයේ ද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යාම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සැළ සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ   ඉල්ලා සිටියේය.

එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටුකරගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

හදිසි නීතිය හැකි ඉක්මණින් ඉවත් කිරීම රටේ ආර්ථික සහ සමාජ ස්ථායීතාවයට වැදගත් වනවා සේම පවතින තත්ත්වයන් හේතුවෙන් රටේ පාලනයට ද එහි බලපෑමක් පවතින බව ජනාධිපතිවරයා කීය.

අද වන විට LGBT ප්‍රජාව සම්බන්ධයෙන් හදිසි නීතිය මත ගැටලුකාරී තත්ත්වයක් පැන නගින බවට තමන් වෙත වාර්තා වී ඇති බවත් එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පසුබිම සකස් කරන ලෙස තමන් විසින් නීතිපතිවරයාව දැනුවත් කොට ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

තවද ජන සභා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ශ්ව කිහිපයකින්ම තමන් වෙත යෝජනා ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන සතියේ දී එම වැඩසටහන නියමිත පාර්ශ්ව සමග සාකච්ඡා කරන බව පැවසීය.

අරගලකරුවන් නියෝජනය කරමින් පැමිණි පාර්ශ්ව ඉල්ලා සිටියේ, සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හෝ අත්තනෝමතිකව සිදුවන අත්අඩංගුවට ගැනීම් නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

මේ වන විටත් කිසිදු වරදක් නොකොට භූමියේ රැදී සිටින බොහෝ අරගලකරුවන් ඉන් පිටතට යෑමට බියව සිටින්නේ අත්අඩංගුවට ගැනීම් සිදුවන නිසාවෙන් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

අරගලයේ අපහසුම කොටස දැන් ඇරඹී ඇති බව සඳහන් කළ අරගලකරුවන් රටේ සමස්ත ජනතාවගේම චින්තන විප්ලවයක් ඇතිකරගත යුතු බව ද සඳහන් කළහ.

තරුණ පරම්පරාව අසීමිත කැපවීමකින් රටට මහත් බලාපොරොත්තුවක් ඇති කර ගැනීම උදෙසා මෙම අරගලය සිදු කළ බවත්, එහි සාධනීය ප්‍රතිඵලයක් ව්‍යවස්ථානුකූලව ඇතිකර ගැනීම තමන්ගේ අපේක්ෂාව බවත් ඔවුහු පෙන්වා දුන්හ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ ඇතුළු රට විධිමත් හා ස්ථායී තත්ත්වයකට පත්කර ගත යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඇතිකළ යුතු බවට ද යෝජනා කළහ.

රටේ උන්නතිය අපේක්ෂා කරන්නන්ගේ අරගලයේ ඉදිරිය පවතින්නේ සාකච්ඡාවෙන්, සංවාදයෙන් සිදු කරන එකඟතාවලින් බවත්  ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිදු කෙරෙනු ඇති බව තම විශ්වාසය බවත් ඔවුන් සඳහන් කළහ.

අරගලය මතින් මහා සුවිශාල ජයග්‍රහණ ගණනාවක් රටටත්, රටේ මහජනතාවටත් අත්කර දීමට තරුණ තරුණියන්ට හැකි වීම තම පරම්පරාවේ සුවිශේෂී ජයග්‍රහණයක් බව අරගලකරුවෝ කීහ.

සමස්ත ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස මෙම අරගලය ඇගයීමට ලක් කරන බවත්, ඒ මතින් ලෝක අවධානය අප රටට හිමි වූ බවත් පැවසූහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29277,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරගලකරුවන් සමග විනිවිද භාවයකින් වැඩ කරන්න සූදානම්... ජනපති අරගලකරුවන්ට කියයි!
අරගලකරුවන් සමග විනිවිද භාවයකින් වැඩ කරන්න සූදානම්... ජනපති අරගලකරුවන්ට කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2nPASeYI8anhEu1OGkB5UrfcntqSTZtk28MrS6o7l1WhWZSm8mpkFHH4oT5Yr4191YkvQIXAl8wpn9aLQhdGZzS0w6sxodwvmXeP6bwVkhe1IBAB-NkTbdpNs0Mg69wvVVzvN1F0J-dG7hI6p10i7jJ95M7YsXC3F-jk1XDztjDX-ejLOb7eJPBPyJA/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2nPASeYI8anhEu1OGkB5UrfcntqSTZtk28MrS6o7l1WhWZSm8mpkFHH4oT5Yr4191YkvQIXAl8wpn9aLQhdGZzS0w6sxodwvmXeP6bwVkhe1IBAB-NkTbdpNs0Mg69wvVVzvN1F0J-dG7hI6p10i7jJ95M7YsXC3F-jk1XDztjDX-ejLOb7eJPBPyJA/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy