දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දින 4ක් මොරොක්කෝවේ ළිඳක සිරවී සිටි දරුවා මිය යයි
Homeප්‍රවෘත්ති

දින 4ක් මොරොක්කෝවේ ළිඳක සිරවී සිටි දරුවා මිය යයි

PropellerAds

ලොව පුරා අවධානය යොමු වූ මොරොක්කෝවේ අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට ඇද වැටුණු දරුවා ඉන් පිටතට ගන්නා අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව එරට බලධාරීන්...

පහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝව බැලූ ස්වාමීන් වහන්සේලා ගැන පැමිණිල්ලක්!
අයි.එස්. ත්‍රස්තයාගේ තොරතුරු අපටත් දෙන්න - රජය නවසීලන්තයෙන් ඉල්ලයි!
සැගවූ තොග සොයා ඩඩ්ලිගේ සහල් මෝලට යලිත් අධිකාරියෙන් පනී!
ලොව පුරා අවධානය යොමු වූ මොරොක්කෝවේ අඩි 100ක් පමණ ගැඹුරු ළිඳකට ඇද වැටුණු දරුවා ඉන් පිටතට ගන්නා අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව එරට බලධාරීන් තහවුරු කරයි.

ලොව ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන ද සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කිරීමට සහ එම මෙහෙයුම් සජීව ලෙස විකාශනය කිරීමටත් කටයුතු කළේය.

දින ගණනාවක් පුරා දිවා රෑ අඛණ්ඩව සිදුකළ ඉතා අසීරු මෙහෙයුමකින් අනතුරුව රයන් ඉන් ගොඩ ගැනීමට ඔවුන්ට හැකිවුණි.

එහෙත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

පෙබරවාරි පළමු වැනිදා පස් හැවිරිදි රයන් අව්රම් මොරොක්කෝවේ චෙෆ්චෞවන්හි කඳුකරයේ පිහිටි ඔහුගේ පියාට අයත් එම ළිඳ අසල සෙල්ලම් කරමින් සිටියදී ඒ තුළට ඇදවැටී තිබුණි.

අනතුරුව පවුලේ සාමාජිකයන් අතුරුදන් වී සිටි රයන් සෙවීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු අදාළ ළිඳ තුළට වැටී සිරවී සිටින බව සොයාගෙන ඇත්තේ ඒ තුළින් පැමිණ ඇති ඔහුගේ කටහඬ අනුව බව මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේය.

මුල් දිනයේදී කඹයක් ආධාරයෙන් ඔහුව ගොඩගැනීමට උත්සහ කළද පසුව එය ව්‍යර්ථ වී තිබුණි.

එරට මාධ්‍ය වාර්තා කළේ මීටර් 32ක් පමණ ගැඹුරක ඔහු සිරවී සිට ඇති අතර ඔහු මුදා ගැනීමට අපහසු වී තිබුණේ අදාළ ළිඳේ විෂ්කම්භය අඟල් 18කටත් වඩා අඩු වීම හේතුවෙනි.

ඒ අනුව පෙබරවාරි 2 වැනිදා ගලවා ගැනීමේ කණ්ඩායම්වලට රයන් බේරා ගැනීම සඳහා ඔහු සිරවී සිටින ස්ථානයට සමාන්තරව තිරස් අතට අගලක් හෑරීමට සිදුව තිබුණි.

එය ඉතා සංයමයෙන් කරන්නට සිදුවී ඇත්තේ ඒ අවට ප්‍රදේශයේ වූ වැලි සහිත පස හේතුවෙන් පස හෑරීමේදී නායයෑම් අවදානමක් ඇතිවිය හැකි බැවින් යැයි මොරොක්කෝ මාධ්‍ය සඳහන් කළේය.

රයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට කැමරාවක්ද ඔහු සිරවී සිටින ළිඳ තුළට යැවීමට කටයුතු කර තිබූ අතර පසුව එය ළිඳ තුළට වැටීම හේතුවෙන් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට අපහසු වී තිබුණි.

ඉන් මුලදී ලබාගත් දර්ශනවල සටහන් වී තිබුණේ රයන් ජීවතුන් අතර සිහි ඇතිව සිටින බව මෙන්ම ඔහුගේ හිසේ සුළු තුවාල කිහිපයක් සිදුවී ඇති බවය.

ඒ අනුව ඔහුට ඔක්සිජන් සහ ජලය සැපයීමට ගළවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

වෛද්‍ය කාර්ය මණ්ඩලයක් ගිලන් රථයක් මෙන්ම හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයට ගෙන්වා තැබීමට මොරොක්කෝ බලධාරීන් කටයුතු කර තිබුණි.

රයන් ගොඩගත් වහාම ප්‍රතිකාර සඳහා සූදානමින් සිටින ලෙස ඔවුන් ඒ ආසන්නයේ පිහිටි රෝහල වෙත දන්වා තිබුණු බවද මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේය.

මොරොක්කෝ රජය ප්‍රකාශ කර තිබුණේ රයන් බේරා ගැනීම සඳහා සියලු පරිශ්‍රම දරන බවය.

පෙවරවාරි 3 වැනිදා වන විට මීටර් 22ක් දක්වා ගැඹුරට යාමට දිවා රෑ කටයුතු කළ අතර අනතුරුව පෙබරවාරි 4 වනදා රයන් සිටින ගැඹුරට මීටර් 32ක් දක්වා පැමිණීමට ගළවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

පස් කඩා වැටී රයන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් ඇතැම් අවස්ථාවල රාත්‍රී කාලයේදී කැණීම් කටයුතු නතර කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සිදුව තිබුණි.

කඩා වැටෙන පස් සහ ගල්වලින් රයන් ආරක්ෂා කර ගැනීම සඳහා විශාල කොන්ක්‍රීට් බට එම ස්ථානයට යෙදවීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කර තිබූ අතර රයන් මුදා ගැනීමේ මෙහෙයුම දැක බලාගැනීම සඳහා විශාල පිරිසක් ඒ අවට ප්‍රදේශයට රැස් වී සිටි බව එරට මාධ්‍ය වාර්තා කළේය.

පෙබරවාරි 5 වැනිදා වනවිට රයන් සිටින ස්ථානයට තවත් සමීප වීමට සහන කණ්ඩායම්වලට හැකිවී තිබුණි.

අනතුරුව යන්ත්‍ර භාවිතයෙන් තොරව සියුම්ව අතින් අඟල හෑරීමේ කටයුතු කිරීමට සිදුවූ බව මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම එම වාර්තා සඳහන් කළේ, ඒ වන විටද රයන්ට අඛණ්ඩව ඔක්සිජන් සැපයීමට කටයුතු කළ බවය.

පසුව ඔවුන් අඟල හෑරීම නවතා රයන්ට ඍජුව සමීප වීමට කටයුතු කර තිබුණි.

එහෙත් ඒ වනවිටත් පස් දිනක් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් සිටි රයන් සඳහටම දෙනෙත් පියාගෙන තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දින 4ක් මොරොක්කෝවේ ළිඳක සිරවී සිටි දරුවා මිය යයි
දින 4ක් මොරොක්කෝවේ ළිඳක සිරවී සිටි දරුවා මිය යයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjY2WNvdw0RJ7o_PjBXyhC3vHB2173rsz9d9UUojqh32pgpKgnlX65MHJyE8veIYsmgGJaCHbNLzlA_zpKkiwahABlVBYJ_frv1tLk59FapgYQKJDI9QpemEU4VVe4LTgzj2iLnAwb9iL6EjcepzXi076fiRl795o5FGMiVAdqFWLaF-_oZUnMZoqYzCQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjY2WNvdw0RJ7o_PjBXyhC3vHB2173rsz9d9UUojqh32pgpKgnlX65MHJyE8veIYsmgGJaCHbNLzlA_zpKkiwahABlVBYJ_frv1tLk59FapgYQKJDI9QpemEU4VVe4LTgzj2iLnAwb9iL6EjcepzXi076fiRl795o5FGMiVAdqFWLaF-_oZUnMZoqYzCQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy