රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය. මේ අතර විශ්‍රාමි...
රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය. මේ අතර විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480ක් දෙනාට ද රුපියල් 5000ක් මාසිකව අතිරේක දීමනාවල් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ.
සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
එසේම වී කිලෝවක් සඳහා ගොවියන්ට රුපියල් 75ක ලබාදීමට ද තීරණය කර ඇත.
මේ අතර පර්චර්ස් 20ට ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.
එසේම අක්කරයට අඩු පර්චර්ස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.
මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ.
වතු කම්කරු ජනතාව වෙනුවෙන් එක් පවුලකට තිරිඟු පිටි කිලෝ 15ක් මාසයක් සඳහා කිලෝවක් රුපියල් 80 බැගින් වූ මිලකට ලබාදීමටද තීරණය කර තිබේ.
සියලු අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍යව සම්පූර්ණ බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS