ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති පත් කිරීම, ඉවත් කිරීම සහ යළි පත් කිරීම තුළින් රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතර පවතින ගැටුම් උග්‍ර අතට පෙරලී ඇති බවට...
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති පත් කිරීම, ඉවත් කිරීම සහ යළි පත් කිරීම තුළින් රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතර පවතින ගැටුම් උග්‍ර අතට පෙරලී ඇති බවට සමාජ මාධ්‍ය වාර්තාවලින් කරුණු දක්වා තිබේ.
ජනාධිපති විසින් පත් කරන ලද තෙෂාර ජයසිංහ බැසිල් රාජපක්ෂගේ නියමය අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉවත් කර ඒ වෙනුවට පොහොට්ටු පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කරනු ලැබීය. එම පත්වීම සිදුකර පැයකට පමණ පසුව ජනාධිපතිගේ විශේෂ නියෝග මත යළිත් තෙෂාර ජයසිංහ එම තනතුරට පත්කර තිබේ.
ලිට්‍රෝ සමාගමේ කොටස් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව තිබේ. තෙෂාර ජයසිංහ රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටි අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් ඔහුව එම ධුරයෙන් ද ඉවත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළකර තිබිණි.
ප්‍රධාන පෙළේ පුවත් පත් වෙබ් අඩවි වාර්තා කර තිබුණු ආකාරයට ජනාධිපති සහ මුදල් ඇමති එක්වී සාකච්ඡා කිරීමෙන් තෙෂාර ජයසිංහ ඉවත් කළ බවද යලි එම දෙනොම සාකච්ඡා කර පත්කළ බවද වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් රේණුක පෙරේරා රාජ්‍ය ව්‍යාපාර ආයතනයක පැයක් සභාපති ධුරය දැරූ පුද්ගලයෙකු ලෙස ලෝක වාර්තාවකට එක්වනු ඇති බවට ඇතැම් මාධ්‍ය පළකර තිබේ.
-lankatruth
COMMENTS