මස්කට් නුවර බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන්යානයක ගමන්කිරීමට සිටි ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්නැනඩස් අද (05) දිනයේදී මුම්බ...
මස්කට් නුවර බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන්යානයක ගමන්කිරීමට සිටි ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්නැනඩස් අද (05) දිනයේදී මුම්බායි ගුවන්තොටුපලේදී ආගමන විගමන නිලධාරීන් විසින් නවත්වා තිබේ.
ඒ, සුකේෂ් චන්ද්‍රසේකර් එරෙහිව පවතින මූල්‍ය විශුද්ධිකරණ නඩුව සම්බන්ධවයි. මේ සමබන්ධයෙන් ඊයේ දිනයේදී නවදිල්ලි අධිකරණයක් විසින් චන්ද්‍රසේකර් හට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇත.
ඔහු විසින් ජැකලින් හට මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඉන්දීය රුපියල් කෝටි 10ක් පමණ වටිනා තෑගි ලබාදී ඇති බවද එම චෝදනා පත්‍රයේ දැක්වේ. අභාරණ, එකෙක් රු. ලක්ෂ 09ක් පමණ වටිනා පර්ෂියන් බළලුන් සිවුදෙනෙක් හා රු. ලක්ෂ 52ක් වටිනා අශ්වයෙක් මෙම තෑගි අතර වේ.
ජැකලින් හට ඉන්දියාවෙන් බැහැරව යාමට ඉඩදිය යුතු නැති බවට මේ වන විට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙන අතර, ඇගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා ඇයව නවදිල්ලියට රැගෙන යාමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
කෙසේවෙතත්, නෝරා ෆටෙහ් හා සම්බන්ධ කාරණාවේදී ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත්තේ ඇය හා චන්ද්‍රසේකර් අතර පෞද්ගලික හිතවත්කමක් නොමැති බවයි.
COMMENTS