දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සියළු ප‍්‍රශ්න රජයට නොපටවා ජනතාවත් කැප කල යුතුයි.. ජපානය කොරියාව ගොඩගියේ එහෙමයි..
Homeප්‍රවෘත්ති

සියළු ප‍්‍රශ්න රජයට නොපටවා ජනතාවත් කැප කල යුතුයි.. ජපානය කොරියාව ගොඩගියේ එහෙමයි..

PropellerAds

‘සියළුම ප‍්‍රශ්න රජය මත නොපටවාල අපිත් යම් කැප කිරීමක් කරමු’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අම...

කට නිසා මාලිංගට යළිත් වැට බැඳෙයි ද? අලුත්ම කතාව මෙන්න
සයිටම් ගැටුමේ කතා කරන ඡායාරූප ගැන බුකියේ වෑටුන ගින්දර පොස්ට්
දෙවියෙක් වගේ මිනිහෙක් ලැබුණත් කුලේ නිසා පව්කරා වෑඩක් කරපු ගෑහෑනියක්
‘සියළුම ප‍්‍රශ්න රජය මත නොපටවාල අපිත් යම් කැප කිරීමක් කරමු’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා කටාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

‘2022 වසරට එනකොට රජය කල්පනා කරලා තිබෙනවා, විශාල දුෂ්කරතා මධ්‍යයේ උවත් අපි පුළුවන් තරම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලා ජනතාවට යම්කිසි සහනයක් දෙන්නට ඕනේ කියලා. හැම කෙනෙකුටම සහන දෙන්න බැරි උනත් විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන උත්සාහවන්ත අයට අපි උදව් කරන්න ඕනේ කියලා තීරණයක් අරන් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් ගමට වෙන් කරපු අයවැය තමයි මෙවර අපේ මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ ගම්වලට විශාල ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් එනවා. හැබැයි ඒ ප‍්‍රතිපාදන ආවහම ඒවා ප‍්‍රයෝජනවත් ආකාරයට යොදවා ගැනීම මේ ප‍්‍රතිලාභ ලබන අයගේ වගකීම වෙනවා.

ලෝකයේ අනෙක් රටවල අර්බුද ඇති වූ වෙලාවල ඒ රටවල් ආපහු ගොඩනැගුවේ දේශපාලනඥයෝ තනිවම නෙමෙයි. දෙවන ලෝක යුද්ධයෙන් යුරෝපය විනාශ වෙලා ගියහම ජර්මනියද, ප‍්‍රංශයද, එංගලන්තයද, හැම රටක්ම අලූ දූලි වෙලා තිබුණේ දෙවන ලෝක යුද්ධය ඉවර වෙන කොට. ඒ රටවල් සියල්ල තව අවුරුදු 20ක්, 30 ක් යනකොට ලෝකයේ බලගතුව රටවල් ලෙස සංවර්ධනය වුණේ ඒ රටවල්වල ජනතාවගේ කැපවීම නිසා. තමුන්නාන්සේලා හැමෝම දන්න උදාහරණය ජපානය, යුද්දෙන් පැරදිලා විනාශවෙලා තිබුණ ඒ රට නැවත ගොඩනැගුවේ ඒ රටේ මිනිස්සු. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ජීවත්වෙලා හිටපු මිනිස්සු පැය විසිහතරම වැඩ කළා. වැඩ කරලා මුළු ලෝකයටම ගෙනයන්න පුළුවන් ව්‍යාපාර ගොඩනැගුවා. මුළු ලෝකයම ඇල්ලූවා. අවුරුදු 30 ක් 40 ක් යනවිට ලෝකයේ ප‍්‍රභලතම රටක් බවට පත්වුණේ ඒ රටවල ජනතාවගේ කැපවීම නිසා.

අපි ලංකාව ගැන කතා කරන කොට අපි පුංචි කාලේ, කොරියාව කියලා කියන්නේ නගරයේ තිබෙන අපිරිසිදු දුප්පත්ම ප‍්‍රදේශයට. ඒ මොකද කොරියාව කියලා කියන්නේ ඒ තරම් දුප්පත් රටක්. අද ගිහින් බැලූවොත් කොරියාව අද දියුණුතම රටක්. යුරෝපයේ ඕනෙම රටකට සංසන්දනය කරන්න පුළුවන්. ඒ රටවල් ගොඩනැගුවේ ඒ රටවල මිනිස්සු උත්සාහවන්ත නිසා. 1975 වෙනකම් යුද්ධ කර කර හිටපු වියට්නාමය, නාපාලම් බොම්බය ගහල විනාශ කරපු වියට්නාමය, තරුණ පරපුරෙන් භාගෙකට වඩා මියගිය වියට්නාමය අද ලෝකයේ ආසියාවේ තිබෙන වේගයෙන්ම සංවර්ධනය වන රටක්. මම අත්දැකීමෙන් දන්නවා මොනතරම් උත්සාහවන්තද කියලා ඒ මිනිස්සු.

නිදහසින් පස්සේ මේ රටේ මිනිස්සුන්ට නිදහසින් පස්සේ කොච්චර කාලයක් උදව් උපකාරන කරනවාද? සමෘද්ධිය කියයි, දිවිනැගුම කියයි, විවිධ නම් වලින් මොනතරම් සල්ලි දෙනවද? කොච්චර දුන්නත් අපි දුප්පත්. හැමදාම කාගේ හරි මුදලක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ උත්සාහය, කැපවීම නැතිකම. ඒකට අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අපි අපි දිහාත් බලන්නට ඕනේ. අපි දේශපාලනඥයෝත් හදා ගන්නට ඕනේ. ජනතාවක් ලෙස අපිත් හැදෙන්නට ඕනේ. ඒ දෙගොල්ලම එකට එකතු උනොත් විතරයි රටක් වෙනස් කරන්නට පුළුවන්.ඒ නිසා 2022 වසරට එළඹෙන මේ අවස්ථාවේදී මගේ ඉල්ලීම මේ රටේ හැම කෙනෙකුටම ප‍්‍රශ්න තිබෙනවා තමයි, අපට ගැටළු තිබෙනවා තමයි, ඒ සියළු ප‍්‍රශ්න රජය මත පවරන්නේ නැතිව දේශපාලනඥයෝ මත පවරන්නේ නැතිව අපිත් මොනවාහරි කරන්න ඕනේ නේද? මොනවා හරි උත්සාහයක් ගන්න ඕනේ නේද, කැපවීමක් තියෙන්න ඕනේ නේද කියන ධනාත්මක ආකල්පය ඇති කර ගත්තොත් තමුන්ගේ ජීවිතත් ගොඩනැගේවි දන්නෙම නැතිව. උත්සාහ කරොත් කරන්න බැරි කෙනෙක් නැහැ. කරන්න බැරි කමට ආණ්ඩුවට බැනලා, සමාජයට බැනලා වැඩක් නැහැ. සමාජය උදව් කරන්නට ඕනේ. හැබැයි තමුන්ටත් උත්සාහයක් තිබෙන්නට ඕනේ. ඒ උත්සාහය තිබෙනවා නම්, මේ දෙක එකට එකතු උනොත් අපිට හුඟක් වැඩ කරන්න පුළුවන්. ලබන වසරේ අපි හුඟක් අයට උදව් කරනවා මේ සමිතිවලට සමාගම්වලට විශාල මුදලක් වැය කරනවා. අපි ඉල්ලා සිටින්නේ ඔබ හැමෝටම කියන්න මේ ප‍්‍රතිපාදනවලින් ප‍්‍රයෝජන ගන්න කියලා. එතනින් පටන් අරගෙන ලොකු ගමනක් යන්න උත්සාහ කරන්න කියලා. අපි හැමෝම ටික ටික ඒ දෙය කළොත් මේ ආර්ථික අර්බුද අපට ප‍්‍රශ්න නෙමෙයි. අපට මෙයින් ගොඩ අරගෙන රට නැවතත් සමෘද්ධිමත් රටක් කරන්න පුළුවන් යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සියළු ප‍්‍රශ්න රජයට නොපටවා ජනතාවත් කැප කල යුතුයි.. ජපානය කොරියාව ගොඩගියේ එහෙමයි..
සියළු ප‍්‍රශ්න රජයට නොපටවා ජනතාවත් කැප කල යුතුයි.. ජපානය කොරියාව ගොඩගියේ එහෙමයි..
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiyONBsDlfIz-OqrvK0cRm6hTAeYcV0eKOAB7IeKgbFNrZeQrXqu4ouO7pg7b3Lh2Lxmg7FVCMCu8Y5aeCu8lxtHLTTk58KabfgAExN1q4wvGbHh8JA9wFs5ull2tu0ZRlsSFAhnnwzWoL2Okw3xzrzmm3kUJnfJ9YCymaJvhrgng1iLcmx7g5V_RVgZA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiyONBsDlfIz-OqrvK0cRm6hTAeYcV0eKOAB7IeKgbFNrZeQrXqu4ouO7pg7b3Lh2Lxmg7FVCMCu8Y5aeCu8lxtHLTTk58KabfgAExN1q4wvGbHh8JA9wFs5ull2tu0ZRlsSFAhnnwzWoL2Okw3xzrzmm3kUJnfJ9YCymaJvhrgng1iLcmx7g5V_RVgZA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_227.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_227.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy