ගෑස් සම්බන්ධයෙන් මේ වන විට බරපතල ප්‍රශ්නයක් මතුව ඇති හෙයින් ගෑස් සංයුතිය පිළිබඳව නිර්ණායක, ප්‍රමිති ඇත්ද යන්න වහාම ජනතාව දැනගත යුතු බව සමඟ...
ගෑස් සම්බන්ධයෙන් මේ වන විට බරපතල ප්‍රශ්නයක් මතුව ඇති හෙයින් ගෑස් සංයුතිය පිළිබඳව නිර්ණායක, ප්‍රමිති ඇත්ද යන්න වහාම ජනතාව දැනගත යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
ඒ, අද (30) ගෑස්වල සංයුතියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ජේ.සී.අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, වේලු කුමාර්, සුජිත් සංජය පෙරේරා සහ දුලිප් විජේසේකර මහත්වරුයි එලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණ ගෑස් සම්බන්ධයෙන් වන ප්‍රමිතිය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් සිදුකළේ.
ප්‍රමිති ආයතනයේ වගකීම වන්නේ මෙරටේ ඕනෑම භාණ්ඩයක් පාරිභෝගික ජනතාව අතට පත්වීමට පෙර එහි ප්‍රමිතිය තහවුරු කිරීම බවද රහුමාන් මන්ත්‍රීවරයා කියාසිටියේය.
කෙසේවෙතත් ගෑස් සංයුතිය වෙනස වී ඇති හෙයින් ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කළ බවට විෂය භාර අමාත්‍යවරයා පවසා තිබුණද එය එලෙසින්ම සිදුවූයේද යන්න ගැන ප්‍රශ්නයක් පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට රජය මෙතරම් ප්‍රමාද කරන්නේ කුමන හේතුවකට ද යන ප්‍රශ්නය ද තිබෙන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
COMMENTS