කුමන භාණ්ඩයක් ආනයනය කළත් ඒ තුළින් කොමිස් ගැසීම සිදුවන බවත් ශක්‍රයා පුතාටවත් එය නතර කළ නොහැකි බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහ...
කුමන භාණ්ඩයක් ආනයනය කළත් ඒ තුළින් කොමිස් ගැසීම සිදුවන බවත් ශක්‍රයා පුතාටවත් එය නතර කළ නොහැකි බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
"යමක් ගන්න ගියාම ඒක විකුණන මිල අපට තීන්දු කරන්න බෑනෙ. අපිනෙ වුවමනාකාරයා. කොහොමත් ජාවාරමක් නොවන වෙළඳාමක් ලෝකෙ නම් නෑ"
ප්‍රශ්නය - අමාත්‍යාංශයෙන් නේද ගෙන්වන්නෙ මේවා ?
"අමාත්‍යාංශයෙන් නෙවෙයි සක්කරයාගෙ පුතා ගෙන්නැව්වත් ඔහොමයි"
ප්‍රශ්නය - ඒත් අනිවාර්යයෙන්ම කමිෂන් ගන්නවද ?
"අනිවාර්යයෙන්ම ඕවා දූෂණය හරහා යන්නේ. අපි දන්නැද්ද ?"
වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැනෝ නයිට්‍රිජන් පොහොර වංචාව සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. ඒ මහතා මේ නොකියා කියන්නේ ඔවැනි දෑ සිදුවන්නේ තමනුත් හොඳටෝම දැනුවත්ව බවත් ඒ ගැන ජනතාවට කළහැකි කෙංගෙඩියක් නොමැති බවත්ය.
නමුත් ඒ මහතාම පසුගිය ආණ්ඩුවේ දූෂණ වලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළ බවකුත් අපට මතකය.
COMMENTS