පැන්ඩෝරා පත්‍රිකා හරහා අනාවරණය කරන ලද ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගත...
පැන්ඩෝරා පත්‍රිකා හරහා අනාවරණය කරන ලද ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
ඒ පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහා ම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ලබාදී තිබූ උපදෙස්වලට අනුවය.
අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා ඔක්තෝබර් මස 06 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබිණි.
එයට ප්‍රතිචාර වශයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා 2021.11.08 දාතමින් වාර්තාවක් යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් කැඳවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී.
විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බව එමගින් වැඩිදුරටත් දන්වා ඇත.
කෙසේවෙතත්, පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් වූ හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගෙන් මෙතෙක් අල්ලස් කොමිසම ප්‍රශ්න කර නොමැත.

COMMENTS