පොදුජන පෙරමුණේ හවුල්කාර පාර්ශ්වයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නෙළුම් පොකුණ රඟහලේ ඊයේ (02) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙර...
පොදුජන පෙරමුණේ හවුල්කාර පාර්ශ්වයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නෙළුම් පොකුණ රඟහලේ ඊයේ (02) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය මඟහැර ඇතැයි වාර්තා වේ.
පන්නල කර්මාණ්ත පුරයේ නව කර්මාන්ත ශාලාවකට මුල්ගල තැබීමේ උත්සවයකට සහභාගි වෙමින් ඔහු අදාළ සම්මේලනය මඟ හැර ඇත.
එම අවස්ථාවේ මාධ්‍යවේදීහු අමාත්‍යවරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළහ.
මාධ්‍යවේදී ප්‍රශ්නය : – විපක්ෂයෙන් චෝදනා කරනවා. මේ දවස්වල හදපු පක්ෂයේම ඉදගෙන විවේචනය කරනවා රජය එළියට නොගිහින් විවේචනය කරන්නේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක් පටන් අරන් කියලා චෝදනා කරනවා.
පිළිතුර ( ඇමති විමල් වීරවංශ) : – හම්බන්තොට වරාය විකුණද්දි හීන් කෙදියරක්වත් නගන්න කොන්දක් නොතිබිච්ච ඒ ආණ්ඩුවේ හිටපු අය ඒ ආණ්ඩුව හදන්න සම්මාදම් වෙච්ච අය අරලියගහ මන්දිරයේ හොරට හොරට ඒ සාකච්ජාවලට සම්බන්ධ වෙච්ච අය ඒ ආණ්ඩුව වැරදි කරද්දි ඕහේ බලන් හිටපු අය ඒ ගොල්ලොන්ට තෙරුම්ගන්න බෑ. ආණ්ඩුවක් ඇතුලේ ඉදගෙන ඇමතිකම් සහිතව ඉදගෙන ආණ්ඩුවේ වැරද්දක් වෙනවා නම්, ඒක ඇතුලේ කතා කරලා බෙරන්න බැරිනම්, ඒක එළිපිට කතාකරලා බේරාගන්න උත්සහා දරන එක ඒ ගොල්ලොන්ට තෙරුම්ගන්න බෑ. මොකද එහෙම ඒ ගොල්ලොන්ට භාවිතාවක් ජීවිතේට නෑ
මාධ්‍යවේදී ප්‍රශ්නය : – අද පවතින සමුළුවට?
පිළිතුර ( ඇමති විමල් වීරවංශ) : – අපේ පක්ෂය නියෝජනය කරමින් වෙනත් නායකයෙක් යනවා එකට

COMMENTS