මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගනය සොරබොර වැව ව්‍යාපාරයේ ගොවීන් විසින් විරෝධතාවයක් ...
මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ මහියංගනය සොරබොර වැව ව්‍යාපාරයේ ගොවීන් විසින් විරෝධතාවයක් සොරබොර එකේ කනුව මංසන්ධියේ දී පවත්වන් ලදී.
ඉන් අනතුරුව උද්ඝෝෂණකරුවන් මහින්දානන්දගමගේ අමාත්‍යවරයාගේ පිළිරුවක් රැගෙන මල බෙර ගසමින්,අවමංගල පෙරහැරක් පෙළපාලියෙන් සොර බොර කෝරුප්ප සුසානභූමිය දක්වා ගමන් කරන ලදී.
එහිදීද විරෝධතාවය පල කළ විරෝධතාකරුවන් අමාත්‍යවරයාගේ රුව සොහොන් භූමියේ භූමදානය කරමින් රසායනික පොහොර ලබාදෙන ලෙස විරෝධතාවය පල කරන ලදී.
සී.කුමාර
ගිරාඳුරුකෝට්ටේ

COMMENTS