දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුවේ හතර දෙනාගෙන් කෙනෙක්.. ඒ කවුද..
Homeප්‍රවෘත්ති

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුවේ හතර දෙනාගෙන් කෙනෙක්.. ඒ කවුද..

PropellerAds

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සැබෑ තත්වය අනාවරණය කරගැනීම වෙනුවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ඖෂධ ජාවාරම...

පිරවුම්හල් සීයට 75කම හොරට තෙල් ගහන්නේ
ගෝඨා, මහින්ද, බැසිල්, රනිල් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්!
අද උදේ 10ට ඩඩ්ලි සිරිසේන විශේෂ හෙළිදරව්වකට ලෑස්ති වෙයි!
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සැබෑ තත්වය අනාවරණය කරගැනීම වෙනුවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගෑමට උත්සාහ කරමින් සිටින බවත්, සුදු හුණු ගෑම පසෙකින් තබා දත්ත පද්ධතිය මකා දැමුවේ කවුරුන්ද යන්න අනාවරණය කරගැනීමට උත්සාහ ගන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය

මෙම මන්ත‍්‍රීවරු කළ යුතුව ඇත්තේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීම බවද මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබාදෙමින් ඔහු කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම ගැන වෙන කාටවත් ඇගිල්ල දිගු කරලා හරියන්නේ නෑ. මේ අධිකාරියේ තියෙන්නේ වටිනා දත්ත පද්ධතියක්. ලංකාවට ගෙන්වන ප‍්‍රාථමික බෙහෙත් පෙත්තේ ඉදලා සියලුම රෝග සදහා අවශ්‍ය, මිල අධික බෙහෙත දක්වා වන දත්ත තියෙන්නේ මෙම අධිකාරියේ.

මේ වගේ සංවේදී දත්ත පද්ධතියක් සතියකට වරක් නැවත වරක් ගබඩා කරගන්නවා. ඒ මේ වගේ දත්ත පද්ධතියකට මොන යම් හෝ හානියක් සිදුවුනොත් ඒක ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වෙන නිසා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ දත්ත පද්ධතිය භාරදීලා තියෙන්නේ එපික් ලංකා කියන ආයතනයටයි. ආචාර්ය දෙහිගම මහත්තයා තමයි මෙහි ප‍්‍රධානත්වය දරනවා. මේ ක්ෂේත‍්‍රය ගැන දැනුමක් ඇති අයෙක්. මේ දත්ත පද්ධතියේ වටිනාකම ඔහු දන්නේ නැද්ද?

මේ දත්ත පද්ධතිය තියෙන්නේ වෙනම ස්ථානයක. මේ දත්ත පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගත හැකි ක‍්‍රමවේදයන් කවරේද කියලා සොයා බැලුවේ නැද්ද?

මේ දත්ත පද්ධතිය මැකී ගොස් ඇත්තේ එක් පුද්ගලයෙක්ගේ වරදක් නිසා යැයි දැන් කියනවා. මේක වෙන කාගේවත් පිට දාලා බේරෙන්න හදන්නේ.

මේ දත්ත පද්ධතියට අයත් මුර පදය හතර දෙනෙක් අතේ තමයි තිබිලා තියෙන්නේ. මේ හතර දෙනාගේ අනුදැනුම නොමැතිව මේ දත්ත මැකිය හැකිද? මේ හතර දෙනාගෙන් කෙනෙක් නෙමෙයිද මේ දත්ත පද්ධතිය මකලා දැම්මේ. මේ හතර දෙනාගෙන් කෙනෙක් නම් කළේ ඒක කළේ කවුද?

සාමාන්‍යයෙන් අපේ ජංගම දුරකතනයෙන් ඡුායාරූපයක් ඉවත් කරන්න ගියත් ඒක ඉවත් කරන්නද කියලා අහනවා. ඒක මකලා දැම්මත් එකවර දුරකතනයෙන් ඉවත් වෙන්නේ නෑ. ඒක බින් එකට යනවා. එතැනිනුත් අයින් කරන්නද කියලා ඇහුවාම තමයි මේ ඡුායාරූප ඉවත් වන්නේ.

දැන් තියෙන අලුත් ජංගම දුරකතනයකින් ඡුායාරූපයක් ගත්තම ඒක ක්ලවුඩ් එකකට යනවා. දුරකතනයෙන් ඡයාරූපය ඉවත් කළත් ඒක ක්ලවුඩ් එකේ තියෙනවා. ඒ ගබඩාවෙන් ඉවත් කරන්න ගියත් මේක කරන්නම ඔ්නද කියලා අහනවා. එතකොට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකනකොට මේ ප‍්‍රශ්ණවලට උත්තර දුන්නේ කවුද? එක බොත්තමක් එබූ පමණින් ඉවත් එම දත්ත ඉවත් වෙන්නේ නැහැ.

මේ දත්ත පද්ධතිය ඉවත් කරනවා නම් ඒ සදහා ඉහළ අධිකාරියකින් අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැද්ද?

මේ දත්ත මකා දැමීමට විධායන දුන් පුද්ගලයා කවුද? මේ විධායනය දුන් පුද්ගලයා කවුරුන්ද කියලා අයි.පී. ලිපිනය හරහා සොයා ගන්න පුලුවන්. කොතැනිින්ද පරිඝනයකට ඇතුළු වුනේ කියලා සොයා ගන්න පුලුවන්. කාගේ මුර පදයෙන්ද ඇතුළු වුනේ.

මේ එකකටවත් උත්තර දෙන්නේ නැතිව ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු සුදු හුණු ගාන්න, තමන්ගේ යාළු මිත‍්‍රයින් බේරා ගන්න උත්සාහ කරනවා. බෙහෙත් මාෆියාවට අවශ්‍ය කරන ආකාරයට කවුරුන් හෝ දත්ත පද්ධතිය මකා දැමූ විට ඒකට සුදු හුණු ගාන්න හදනවා.

රටේ වැදගත් දත්ත පද්ධතිය ආරක්ෂා කරගැනිමට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් තිබුණේ නැද්ද? මෙසේ ඉවත් වන දත්ත බැකප් කරගැනීම සදහා ක‍්‍රමවේදයක් තිබුණේ නැද්ද කියන එක බරපතල ප‍්‍රශ්ණයක්.

ජාතික ආරක්ෂාව රකිනවා කියලා ආණ්ඩුව ආවේ. ඒත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියවත් ආරක්ෂා කරගැනීමට නොහැකි වෙලා තියෙනවා.

තාක්ෂණික වශයෙන් ගත්තම මේ දත්ත මැකීමට ඉහළ විධානයක් තිබිය යුතුයි. ඒ විධානය දුන්නේ කවුද? මේ දත්ත පද්ධතියට ඇතුළුවුනේ කවුද? ඔහුගේ අයි.පී. ලිපිනය මොකක්ද? ඔහු දත්ත පද්ධතියට ඇතුළු වුනේ කොතැනින්ද? මේ දත්ත පද්ධතියේ මුර පදය හතර දෙනෙක් සතුව තිබෙනවා නම් ඒ හතර දෙනා කවුද? මේ හතර දෙනාගෙන් පිට අයෙක් මේ දත්ත පද්ධතියට ඇතුළු වුනා නම් ඒ කවුද? කොතැන තිබෙන පරිඝනකයකින්ද ඒ සදහා ඇතුළුවී තිබෙන්නේ? කුමන රටින්ද, කුමන තැනකින්ද ඒ පද්ධතියට ඇතුළු වුනේ කියලා සොයා ගැනීමට අමාරු දෙයක් නෙමෙයි.

මේ මන්ත‍්‍රීවරු කරන්න ඔ්න මේ ඇත්ත සොයා ගෙන ප‍්‍රසිද්ධ කිරීමයි. මේක වෙන ආණ්ඩුවක් පිටින් දාලා අත සෝදාගන්න එපා.

– Manusha Media
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුවේ හතර දෙනාගෙන් කෙනෙක්.. ඒ කවුද..
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුවේ හතර දෙනාගෙන් කෙනෙක්.. ඒ කවුද..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLM_eQjXBLQaw9nX_Vr_RhQF6MVOQDkcofb-TB7DmJP59iMbU8I-TdGhA27fQadsln2QxWWTBlyqRh-2G2OzSP5g-K-Z6Z0imIBc_4vJGyNwJcIWV__s8H9Ron6dLs-xvW0bsWkylWlQfB/s320/nmc.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLM_eQjXBLQaw9nX_Vr_RhQF6MVOQDkcofb-TB7DmJP59iMbU8I-TdGhA27fQadsln2QxWWTBlyqRh-2G2OzSP5g-K-Z6Z0imIBc_4vJGyNwJcIWV__s8H9Ron6dLs-xvW0bsWkylWlQfB/s72-c/nmc.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy