දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පූර්ණ කැබිනට් සංශෝධනයක්.. වැඩ බැරි අය ඉවතට.. තරුණ කැබිනට් මණ්ඩලයක් !
Homeප්‍රවෘත්ති

පූර්ණ කැබිනට් සංශෝධනයක්.. වැඩ බැරි අය ඉවතට.. තරුණ කැබිනට් මණ්ඩලයක් !

PropellerAds

එළැඹෙන සති කිහිපය ඇතුළත පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට නියමිත බව අනාවරණය වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ දැනටමත් කරුණු සලකා ...

නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක පරීක්ෂණයකදී වරදකරු වෙයි – තාවකාලික තරග තහනමක්!
මැතිවරණ සටන අරඹද්දීම නාමල්ට හූ කියයි
NGO ක්ෂේත්‍රයේ කළු පැල්ලම මැකිලා - CAPS සංවිධානය
එළැඹෙන සති කිහිපය ඇතුළත පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට නියමිත බව අනාවරණය වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ දැනටමත් කරුණු සලකා බලමින් සිටින බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි. කොවිඩ් එන්නත්කරණය ඉදිරි මාස කිහිපය ඇතුළත සපුරාලීමත් සමග රට යථා තත්ත්වයට පත් කරමින් ආර්ථික සහ සංවර්ධන කටයුතු වේගවත් සහ කාර්යක්ෂම කිරීම මෙම කැබිනට් සංශෝධනයේ අරමුණ වේ.

මේ වන විට ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අමාත්‍යාංශ භාර ඇමැතිවරුන් ඉවත් කිරීමට නියමිතය. මේ කෙටි කාලයේ දක්ෂතා හා ප්‍රගතියක් පෙන්වූ රාජ්‍ය ඇමැති ධුර දරන තරුණ මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් ලෙස පත් කොට වඩා වැඩි වගකීම් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන බව ආරංචි මාර්ග පවසයි. ඇතැම් අමාත්‍යාංශවල කාර්යසාධනය යහපත් වුවත් ඒ පිළිබඳව ජනතාව අතර ප්‍රචලිත නොකිරීම ගැන ජනාධිපතිවරයා තුළ පවතින කනස්සල්ල මෙම සංශෝධනයේදී මුදා හැරෙනු ඇතැයි සඳහන් වේ.

රජය වෙන්කරන මුදලින් අමාත්‍යාංශය සාර්ථකත්වයට පත් කළ ද ඒ ගැන ජනතා අවධානය යොමු කර ගැනීමට කටයුතු නොකිරීමද ඇමැති ධුරයේ වගකීම පැහැර හැරීමක් සේ ජනාධිපතිවරයා සලකන බව ආරංචි මාර්ග පවසයි. ඇතැම් විෂයයන් සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කර ඒවායේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගියත් අදාළ ඇමැතිවරු ඒ ගැන කතා නොකිරීම රජයට දැඩි අවාසියක් ගෙන දෙන කාරණයක් වී තිබෙන බව රජයේ අවධානයට යොමුව තිබේ. තම මෙහෙවර ගැන ජනතාව දැනුවත් කරමින් රජයේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ඇමැතිවරුන්ට වැඩි වගකීම් ලබා දීමට නියමිතය.

ඇමැති මණ්ඩලය පත් කිරීමට පෙර විෂයයන් ගැසට් කර ඔවුන්ගේ කාර්යාල පවා වෙන්කර ඉතාම විද්‍යාත්මක පදනමක සිට අමාත්‍යාංශවල විෂයයන් වෙන් කර දුන්නත් ඒ පිළිබඳ තැකීමක් ඇතැම් ඇමැතිවරුන්ට නොතිබුණ බව ජනාධිපතිවරයාගේ අදහසය. තල්, කිතුල්, උක්, මැටි, බතික් ආදී වශයෙන් විෂය ඉතා පැහැදිලිව සඳහන් කර දී තිබුණත් ඇතැමුන් විරුද්ධවාදීන් ගෙනෙන අවඥාවන් හමුවේ දුර්මුඛ වී එම දේශීය කර්මාන්ත හා ඒවායේ යෙදෙන ජනතාවට සේවය නොකිරීමද ජනාධිපතිවරයාගේ කනස්සල්ලට හේතුවී තිබේ.

එහෙත් ඇමැතිවරු රටට ගැළපෙන සේ කටයුතු කරනු විනා ඇමැතිවරුන්ට ගැළපෙන සේ රටේ අමාත්‍යාංශ බෙදීමට තමන් කිසිසේත් සූදානම් නැති බව ජනාධිපතිවරයා එම විවේචන එල්ල කළ අයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත.

පක්ෂයේ ප්‍රවීණත්වය, පක්ෂයට කළ මෙහෙවර, විපක්ෂයේ සිටියදී අතනොහැර සිටීම, හොඳට මැතිවරණ කටයුතුවල යෙදීම නායකත්වයට ඇති සබඳතාව ආදිය මෙවර කැබිනට් සංශෝධනයේදී සලකා නොබැලේ. එසේම ප්‍රාදේශීය වශයෙන් දූෂිත ක්‍රියාවල යෙදෙන තම ආධාරකරුවන් ආරක්ෂා කරන, ආයතන හා ව්‍යාපාරවලට බලපෑම් කරන අය ඇමැති තනතුරුවලින් නෙරපා හැරෙනු ඇත.

කාර්යක්ෂමතාව පෙන්වන තරුණ ඇමැති මණ්ඩලයක් කෙරෙහි අවධානය යොමු කෙරෙන මෙම සංශෝධනයේදී සෞඛ්‍යය, පොලිසිය, කම්කරු, අධ්‍යාපන ආදී විෂයයන් වෙනසක් වීමට නියමිත බව වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පූර්ණ කැබිනට් සංශෝධනයක්.. වැඩ බැරි අය ඉවතට.. තරුණ කැබිනට් මණ්ඩලයක් !
පූර්ණ කැබිනට් සංශෝධනයක්.. වැඩ බැරි අය ඉවතට.. තරුණ කැබිනට් මණ්ඩලයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWSm6zzf5-goGDctOLzsOep-MEv2S47rhWB0q9ZRocI2XzehyG-VkXBRc-FYkUjIhuoJC_to0Y8kWJIGF6tS2GqDXh4XGGH6JK4Yuk5mwG80ndvp1_Lo2KlZYOw6iHdhbenJY5zjzOv-0/s320/cabine.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWSm6zzf5-goGDctOLzsOep-MEv2S47rhWB0q9ZRocI2XzehyG-VkXBRc-FYkUjIhuoJC_to0Y8kWJIGF6tS2GqDXh4XGGH6JK4Yuk5mwG80ndvp1_Lo2KlZYOw6iHdhbenJY5zjzOv-0/s72-c/cabine.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_219.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_219.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy