මේ මොහොතේ අවශ්‍ය වන්නේ ට්‍රැක් හතරේ මාර්ග හෝ ක්‍රීඩා පිට්ටනි හෝ අධි වේගී මාර්ග නොව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම බව එක්සත් පුරවැසි සන්ධානය...
මේ මොහොතේ අවශ්‍ය වන්නේ ට්‍රැක් හතරේ මාර්ග හෝ ක්‍රීඩා පිට්ටනි හෝ අධි වේගී මාර්ග නොව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම බව එක්සත් පුරවැසි සන්ධානය ආවධාරණය කරයි. එහි ක්‍රියාකාරික චමීර පෙරේරා මහතා පැවසුවේ ජනතාවගේ සෞඛ්‍ය අර්බුදයකට ගොස් ඇති පසුබිමක අධිවේගී මාර්ගයේ තියා නිවාස ඉදිරියේ තිබෙන අතුරු මාර්ගයේවත් යෑමට නොහැකි තත්ත්වයක් තුළ මේ සිදුකරන්නේ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට මුදල් උපාය දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
''සිහිකල්පනාව තියෙන එකෙක් මේ වෙලාවේ අධිවේගී මාර්ග හදනවද? මෙහෙම එවුන්ව හිටවලා පස් ගහන්න ඕන නේද? රජකාලේ නම් මෙහෙම එවුන්ව හිටවලා පස්ගහනවා. මේ වෙලාවේ හැම රුපියලක්ම වියදම් කරන්න ඕනේ මේ වෙලවේ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරගන්න. අධිවේගී මාර්ග හදන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ගෙදර තියෙන සල්ලිවලින් නෙවෙයි. එයාගේ අරක්කු කර්මාන්තයේ සල්ලිවලින් නෙවෙයි. ඒවා ජනතාවගේ සල්ලි. ජනතාවගේ සල්ලි වියදම් කරන්න ඕනේ ජනතාවගේ යහපතට. මේ වෙලවේ ජනතාවගේ යහපත තමයි ජනතාවගේ ජීවිතය. මේ රෝගයෙන් මිදෙන එක.''
ඒ අනුව මේ වෙලාවේ ජනතාවට ඇති එකම සම්පත සෞඛ්‍ය වන අතර එය රැක ගැනීම සඳහා මුදල් වියදම් කරනවා මිස තමන්ට උදව් කළ ව්‍යාපාරිකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්‍රියා නොකිරීමට ආණ්ඩුව වගබලා ගත යුතු බවයි චමීර පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ.
COMMENTS