දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි…
Homeප්‍රවෘත්ති

සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි…

PropellerAds

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. ...

ගෝඨාට තායිලන්තයේදී අවුලක්ද? වහාම ලංකාවට ගෙන්වාගෙන ආරක්ෂාව දෙන්න! බැසිල් රනිල්ගෙන් ඉල්ලයි! (VIDEO)
ජනපතිඳුනි බිය නොවන්න! අපි ඔබ සමඟයි කියමින් මද්දුම බණ්ඩාර ඇතුලු 20 ක් ආණ්ඩුවට?
රතිඳු සේනාරත්නගේ (රැට්ටා) බැංකු ගිණුමට ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා සොයා ගැනෙයි… මුදල් තැන්පත් කර ඇත්තෙ රතිදුගේ හිතවතෙක්?
බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය. පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති දේවහන්දියේ සද්ධානන්ද නායක හිමියන් බැහැදැක අදට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනයට සුභ පැතුම් එක් කළේය.

අනතුරුව ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ මකරතොරණ, චෛත්‍යයේ කොත නිරාවරණය කළ අග්‍රාමාත්‍යතුමා සිය පැමිණිම සංකේතවත් කරමින් රත් හඳුන් පැලයක් විහාරස්ථානයේ රෝපණය කළේය.

මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි, බිබිලියාදෙණිය ශ්‍රී මලියදේව මහ පිරිවෙණේ පරිවේණාධිපති හා තත් විහාරාධිපති කටුගම්පොළ හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විමලකීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය කහටවිල පියරතන නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙහි වැඩම කළ වඳාළහ.

කීර්තිපාල රණතුංග මහතා විසින් සංස්කරණය කළ විහාරස්ථානය පිළිබඳ සමරු කලාපය සම්පත් රසාංජන මහතා විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගැන්වූ අතර ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍ය දේවහන්දියේ සද්ධානන්ද ස්වාමින්වහන්සේ අග්‍රාමාත්‍යතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

මහාවිහාර වංශික ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ පූජනීය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවත්වූහ.

මේ ස්ථානයට මීට පෙර තිබ්බොටුවාවේ සුමංගල නායක හිමියන් සමඟ වැඩම කරන අවස්ථාවට වඩා හාත්පසින් වෙනස් අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර තිබෙනවා, මේ කටයුතු මැනවින් සිදුකරන දේවහන්දියේ අපේ නායක හාමුදුරුවන්ට අපේ ආශිර්වාදය පුදකරනවා, ආගමික කටයුතු වෙනුවෙන් අගමැතිතුමා දක්වන දායකත්වයට අපි පුණ්‍යානුමෝදනා කරනවා.

තිස් වසරක යුද්ධයෙන් එතුමා මේ රට ගලවා ගත්තා. පසුව ආදරණිය සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ අගමැති සහ ජනාධිපති ලෙස මේ රට කොරෝනා වසංගතය පාලනය කීරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙනවා.විශේෂයෙන් කොරෝනා මර්දන එන්නත ජනතාවට ලබා දෙමින් ජනතාවත් රටත් ආරක්ෂාකරන්න කටයුතු කරනවා.

මේ රට ණය බරින් වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ශක්තිය, ධෛර්යය වගේම දළදා වහන්සේගේ ආශිර්වාදය, ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා යැයි අනුනාහිමියෝ පැවසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

1897 මෙම විහාරස්ථානය ආරම්භ කරලා 1920 වන විට පිරිවෙනක් බවට පත් කරනවා, අද වනවිට විහාරවාසී හිමිවරුන් 16නමක් වගේම දරුවන් 443කගෙන් යුතු දහම්පාසලක් පවත්වාගෙන යනවා. එවගේම විහාරාධිපති ස්වාමින්වහන්සේ විසින් රටට විශාල ආගමික සේවාවක් සිදු කරනවා.

අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතු වලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා ගතයුතුයි.එසේ නොවුනොත් සිදුවන්නේ විශාල විනාශයක්, දරුවන් දහම්පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්ය කළයුතුයි. අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසි පරිදි සිදුවෙනවා. අද බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්වෙලා. නමුත් අනිත් ආගම්වල ආනිවාර්යයෙන් ඉරිදා පල්ලි යනවා.

බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි. පන්සල සමග ඇති සබදතාව දරුවන් තුළ ඇති කළ යුතුයි. එසේ නොවුනොත් ගමත් පන්සලත් ඈත් වෙනවා.සමාජය නිවැරදි මගක ගෙනියන්න නම් ගමත් පන්සලත් එකට පවත්වාගෙන යා යුතුයි. මෙි විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ පන්සල දියුණු කරන්න කැපවී කටයුතු කිරීම අගය කළ යුතුයි.

ගමේ පන්සල තමයි කේන්ද්‍රස්ථානය, ගමේ ජනතාවට පනසල සමග කටයුතු කරන්නට අවස්ථාව සලසා දීලා ජනතාව යහපත් ජීවිතයකට හුරු කරවීම අපේ වගකීමක්. මේ ප්‍රදේශයේ විවිධ ජාති ආගම් අදහන ජනතාවක් ඉන්නේ ඔබේ ප්‍රදේශයේ සාමූහික සුහදතාව ලෝකයටම ආදර්ශයක්.අද වන විට අපි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට සංවර්ධනය කිරීමේ වැඩකටයුතු කරමින් යනවා. රටේ සංවර්ධනය කාර්යයන් නිසි පරිදි ඉදිරියටත් ඉටුකරන බව මෙහිදි පැවසිය යුතු යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි…
සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQcBfO1hrtI2ALPFjI2TnjpSLBjIMzMFX4UbOKXM7LMeWl_FttIk4LgaZGde-TbF9TjU9JF46Vri1BWd7DvlnLoUj4qw5koTYvPb7zJUxyowm2pxWRnXpfh5bmduVonngR-mM9iKyvc7Y/s320/mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQcBfO1hrtI2ALPFjI2TnjpSLBjIMzMFX4UbOKXM7LMeWl_FttIk4LgaZGde-TbF9TjU9JF46Vri1BWd7DvlnLoUj4qw5koTYvPb7zJUxyowm2pxWRnXpfh5bmduVonngR-mM9iKyvc7Y/s72-c/mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_342.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_342.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy