දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රී ලංකාව දෙමල අයිතීන්ට ගරු කරනු - ඉන්දියාව ජිනීවාහිදී
Homeප්‍රවෘත්ති

ශ‍්‍රී ලංකාව දෙමල අයිතීන්ට ගරු කරනු - ඉන්දියාව ජිනීවාහිදී

PropellerAds

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව ඉන්දියාව ඊයේ (25 වැනිදා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය ...

ලබන මාර්තුවේ ජිනීවා බරපතළයි! යෝජනා සම්මතයක් නෑ! දඬුවමකට මුහුණ දෙන්න වෙනවාමයි! (VIDEO)
ආගම්වාදී නොවන-ජාතිවාදී නොවන-ප්‍රජාතන්ත්‍රවාදී වන විශ්වාසයක් තියන්න පුලුවන් ඊළඟට එන නායකයා! (VIDEO)
කටකතා බොරු! ඕන කෙනෙකුට ඕන තැනකින් බූස්ටර් එන්නත ගහගන්න පුලුවන්!
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව ඉන්දියාව ඊයේ (25 වැනිදා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය. මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ක්‍රියාකාරී සංවාදයට එක්වෙමින් ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්දු මනි පාණ්ඩේ මේ බව පැවසීය.

දසක තුනක් පුරා පැවැති ශ්‍රී ලංකාවේ යුද්ධය 2009 මැයි මාසයේදී අවසන් වීමෙන් අනතුරුව ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් යෝජනා 07ක් සම්මත කරගෙන ඇතැයි නිත්‍ය නියෝජිත පාණ්ඩේ පෙන්වා දුන්නේය.

‘‘මෙම යෝජනා පිළිබඳ සාකච්ඡාවලට ඉන්දියාව ක්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාව සමග සමීපතම මිතුරු සහ අසල්වැසියෝ ලෙස කටයුතු කර ඇත.’’

ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය ‘‘කුලුනු දෙකක්’ මත රැඳී තිබෙන බවයි. එනම් ශ්‍රී ලංකාවේ එක්සත්කම සහ භෞමික අඛණ්ඩතාවයි. දෙවැන්න වන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජනයා වෙත සාමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය ළඟා කරදීම සඳහා ඇති කැපවීම බව ඔහු පෙන්වා දුන්න්නේය.

‘‘මේවා තේරීම් නොවේ. අර්ථවත් බලය බෙදාහැරීම ඇතුළු දෙමළ ප්‍රජාවේ අයිතිවාසිකම්වලට ගරු කිරීම ශ්‍රී ලංකාවේ එක්සත් කමට සහ අඛණ්ඩතාවට කෙළින්ම දායක වන බව අපි විශ්වාස කරමු. එබැවින් දෙමළ ප්‍රජාවේ නීත්‍යනුකූල අභිලාෂයන් ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතට හේතු වන බව අපි පෙන්වා දෙමු.’’ යැයි නිත්‍ය නියෝජිතවරයා පැවසීය.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළුව එවැනි අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද ඉන්දියාව මෙහිදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

එසේම යුද්ධය අවසන් වීමෙන් පසු ගෙවූ වසර 12ක කාලයේ සිදුව ඇති වර්ධනයන් පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කර ඇති තක්සේරුව ඔස්සේ වැදගත් කරුණු මතුවන බවද ඉන්දියාව සිය ස්ථාවරය පැහැදිලි කරමින් වැඩිදුරටත් පැවසීය.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රී ලංකාව දෙමල අයිතීන්ට ගරු කරනු - ඉන්දියාව ජිනීවාහිදී
ශ‍්‍රී ලංකාව දෙමල අයිතීන්ට ගරු කරනු - ඉන්දියාව ජිනීවාහිදී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhVoohwFblpTOqlV_hPoEwW2woaFbKByd4f42LOonXncMRz4Sp6yeMctXPixkow57mJGWgZ87_vTzhbWdHpSpRWK27EkdriRRdjudN2JayYE5lBoSgFIqU1ACgi1TGmNv9TWbSBzMCMH0/s320/indian-flag.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhVoohwFblpTOqlV_hPoEwW2woaFbKByd4f42LOonXncMRz4Sp6yeMctXPixkow57mJGWgZ87_vTzhbWdHpSpRWK27EkdriRRdjudN2JayYE5lBoSgFIqU1ACgi1TGmNv9TWbSBzMCMH0/s72-c/indian-flag.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_818.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_818.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy