හෙට මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් ගාස්තු සීයට දෙකකින් පහළ දැමීමට තීරණය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අ...
හෙට මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් ගාස්තු සීයට දෙකකින් පහළ දැමීමට තීරණය කර තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස් සංගම් නියෝජිතයින් අතර අද (07) පැවති සාකච්ඡාවකදී සමස්ථ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංවිධායක සුමනදාස ගමගේ මහතා පැවසීය.
මෙලෙස බස් ගාස්තුව 2%කින් පහළ දැමීමට හේතු වූයේ ඩීසල් මිල රුපියල් 7කින් පහළ දැමීම රජය තීරණය කිරිමත් සමඟයි.
කෙසේ වුවද අවම බස් ගාස්තුව (රු12) , දෙවන බස් ගාස්තුව (රු15) සහ තෙවන බස් ගාස්තුව (රු20) වෙනස් නොවන බව ද බස් සංගම් පවසයි.
COMMENTS