ප සුගිය රනිල්, මෛත්‍රී හවුල් පාලන සමයේ පසුගිය වසර 05 තුළදී හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා විවිධ අවස්ථාවල ඉදිරිපත්කරන ලද යෝජනා ගණනාවක් මහජන...
පසුගිය රනිල්, මෛත්‍රී හවුල් පාලන සමයේ පසුගිය වසර 05 තුළදී හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා විවිධ අවස්ථාවල ඉදිරිපත්කරන ලද යෝජනා ගණනාවක් මහජන උපයෝගීතා කොමිසමේ විමර්ශනවලින් පසුව අත්හිටවු බව එහි හිටපු සභාපති නීතීඥ සාලිය මැතිව් මහතා හෙළි කර තිබේ.
ඉදිරිපත් කරන ලද එම විවිධ යෝජනා අනුව විදුලිය මිලදී ගත්තේ නම් රුපියල් කෝටි ලක්ෂයක පමණ මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන බවත් ඒ අනුව මේ වනවිට විදුලි බල මණ්ඩලය බංකොලොත්වී එහි බර පාරිභෝගිකයා මත පැටවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
හිටපු සභාපතිවරයා සමග රාවය පුවත්පත පවත්වනලද සම්මුඛ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිකරමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීම ඊට අදාළ පනතේ 07වෙනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ තීරණයක් මගින් සිදු කළ යුතු බවය.
මහජන උපයෝගීතා කොමිසම විසින් පසුගිය වසර 05 තුළ “විදුලි මාෆියාව” පාලනය කිරීමෙන් මෙපමණ මුදලක් ඉතිරිකර දී තිබියදීත් එය නීතිවිරෝධීව විසිරුවා හැරීමෙන් මෙවැනි අතිවිශාල මුදල් කොල්ලයකට ආණ්ඩුවේ ප්‍රබලයින් සූදානම් වන බවට බරපතල සැක මතුවී තිබේ.
-lankaleadnews

COMMENTS