දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැටික්ලෝ කැම්පස් තැනීමට හිස්බුල්ලා අක්කර 35ක් ගෙන ඇත්තේ හොරට !
Homeප්‍රවෘත්ති

බැටික්ලෝ කැම්පස් තැනීමට හිස්බුල්ලා අක්කර 35ක් ගෙන ඇත්තේ හොරට !

PropellerAds

හි ටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියට අයත් අක්කර තිස්පහක ඉඩමක් ලබාගෙන තිබෙන...

රාජ්‍ය නිලධාරීන් 100ක් රනිල්ගේ ඡන්දවැඩවල!
ආයෝජන ව්‍යාපෘතියට වෙන් කළ ඉඩම ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා ප්‍රා.ලේ ට පාට් දමලා!
‘මාව බේරාගන්න’ කියා හඬා වැටෙමින් නාමල් ප‍්‍රබල ඇමතියෙකුට අමතලා…
හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා බැටික්ලෝ කැම්පස් ආයතනය ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියට අයත් අක්කර තිස්පහක ඉඩමක් ලබාගෙන තිබෙන්නේ හීරා පදනමේ ලියාපදිංචිය පිළිබඳ ව්‍යාජ ලෙස ලබාගත් ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් බව පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ෂන කොමිසම හමුවේ සිකුරාදා (13) අනාවරණය විය.

හීරා පදනම ලියාපදිංචි කිරීමට අදාළ කිසිඳු ලියවිල්ලක් තම දෙපාර්තමේන්තුව සතුව නැතැයි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරී ධම්මික වාසලබණ්ඩාර මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවැසීය.

2011 දී රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය තම ආයතනයෙන් ඉවත් කර රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයට පවරනු ලැබූ බව ද ඒ අනුව තම ආයතනය යටතේ ලියාපදිංචි කර තිබු සියලු සංවිධාන එම ආයතනය යටතේ නැවත ලියාපදිංචි කිරීමට සිදුවූ බව ද ඔහු පැවසීය.

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ සභාපතිත්වයෙන් යුත් හීරා පදනම එම වසරේ ජුලි 20 වැනිදා ලිපියක් යොමු කරමින් තම ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබූ බවට සහතිකයක් ඉල්ලා තිබූ බව ද හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් සමිල් මහතා එම සහතිකය ලබා දී ඇති බව ද වාසල බණ්ඩාර මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් කොමිසම හමුවේ සාක්ෂි දුන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් හනීෆා මොහොමඩ් සමිල් මහතා කියා සිටියේ තමන් පෙර ලියකියවිලි සම්බන්ධයෙන් සොයා බැලීමකින් තොරව අදාළ සහතිකය නිකුත් කළ බවය. එසේ කිරීමෙන් වරදක් වී ඇති බව පිළිගන්නා බව ද ඔහු කීය.

හිස්බුල්ලා මහතා හීරා පදනමට මහවැලි අධිකාරිය සතු ඉඩමක් ලබාගෙන තිබෙන්නේ සමීල් මහතා ලබාදුන් එම සහතිකය ඉදිරිපත් කිරීමෙන් බව ද කොමිසමේදී අනාවරණය විය.

කොමිසම හමුවේ සාක්ෂි දුන් මහවැලි අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂ අසංක උදය කුමාර මහතා පැවැසුවේ තම ආයතනය යටතේ පවතින ඉඩම් අක්කර තිස්පහක් හීරා පදනමට ලබාදුන්නේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවට ලබාදුන් සහතිකයක් පදනම් කරගෙන බවය.

සෞදි අරාබියාවේ වෘත්තීය පුහුණු ආයතනයක අරමුදල් යටතේ ඉදිකරනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සඳහා යැයි පවසමින් හීරා පදනමේ සභාපති ලෙස හිස්බුල්ල මහතා ඉඩම් අක්කර විසිපහක් ඉල්ලා සිටි බව ද ඔහු පැවැසීය. එහෙත් ඔවුන් යොමු කර තිබූ අයැදුම්පතේ දැක්වුනේ අක්කර තිස්පහක් අවශ්‍ය වන බව ද ඒ අනුව එම ඉඩම් ප්‍රමාණය ඉඩම් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ හා මහවැලි අමාත්‍ය ධුරයේ එකල සිටි 

 මෙෙත්‍රීපාල සිරිසේන මහතාගේ ද අනුමැතිය යටතේ බදු පදනම යටතේ ලබාදුන් බව ද අසංක මහතා කොමිසම හමුවේ පැවැසීය.

මෙසේ අක්කර තිස්පහක් ලබා දී තිබියදී තවත් අක්කර නවයක් ඔවුන් නීති විරෝධීව පරිහරණය කළ බව ද ඒ අනුව මෙම පදනමට එරෙහිව කරුණු තුනක් යටතේ වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු තුනක් ගොනු කර ඇති බව ද ඔහු කීය.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙම කොමිසමේ සාක්ෂි විභාගය පසුගිය 27 වැනිදා සිට තාවකාලිකව නවත්වනු ලැබූ අතර එහි කටයුතු නැවත 13 වැනිදා ආරම්භ විය. එහෙත් මාධ්‍යවේදීන්ට කොමිෂමේ සභාවේ සාක්ෂි විභාග ශාලාව වෙත ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. ශාලාවට පිවිසෙන ස්ථානය ආසන්නයේ අසුන් පනවා පිටතට යොමු කළ ශබ්ද විකාශන මගින් සාක්ෂිවලට සවන් දී සටහන් තබා ගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථා සලසා තිබිණි.

- මුදිතා දයානන්ද -


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැටික්ලෝ කැම්පස් තැනීමට හිස්බුල්ලා අක්කර 35ක් ගෙන ඇත්තේ හොරට !
බැටික්ලෝ කැම්පස් තැනීමට හිස්බුල්ලා අක්කර 35ක් ගෙන ඇත්තේ හොරට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7jK4p_LwgBb5Gf3LdtAjp5oV9qncGYjcG9hJTDDpIg9hXt2rCRn7YRj1aTRNaJiVSPAssIv8Kf0358N9iZbCdYgvQ1f08eeof7uOPXJJJA49GdEBcAN4Lgs3McW-3xQyR8FMHBs20AZo/s320/hizbillha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7jK4p_LwgBb5Gf3LdtAjp5oV9qncGYjcG9hJTDDpIg9hXt2rCRn7YRj1aTRNaJiVSPAssIv8Kf0358N9iZbCdYgvQ1f08eeof7uOPXJJJA49GdEBcAN4Lgs3McW-3xQyR8FMHBs20AZo/s72-c/hizbillha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy