මි නුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව වාර්තා වන නව කොරෝනා පොකුරේ රෝගීන්ගේ ශරීර තුළ වෛරස් සාන්ද්‍රණය අධික නම් ඒ ගැන විශේෂයෙන් කළ හැක...
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව වාර්තා වන නව කොරෝනා පොකුරේ රෝගීන්ගේ ශරීර තුළ වෛරස් සාන්ද්‍රණය අධික නම් ඒ ගැන විශේෂයෙන් කළ හැකි කිසිවක් නොමැති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසයි.
"වෛරොලොජිස්ට්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා ගරු කථානායක තුමනි, ඉතිං වෛරස් ලෝඩ් එක වැඩි වුණත් අපි ඒ අයට රෝහල්ගත කරනා දෙන්න තියෙන ප්‍රතිකාර කරනවා. ඒ වගේම කන්ටෑක්ට් ට්‍රේසිං - රෝගීන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම - කරලා අපි ඒ අයවත් සම්පූර්ණ නිරෝධායනයකට ලක් කරලා තියෙන්නෙ.
වෛරස් ලෝඩ් එක වැඩි නම් ඉතිං ඒ වෛරස් ලෝඩ් එක වැඩියි. ඉතිං ඒක එච්චරයිනෙ කථානායක තුමනි, එතනින් එහාට කරන්න දෙයක් නෑ" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

COMMENTS