ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඍජුව සම්බන්ධ වී කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස සම්බන්ධයෙන් ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඍජුව සම්බන්ධ වී කටයුතු කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
හෙට දිනයේ පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුවලට හා පක්ෂ ව්‍යවස්ථාවට පිටින් ගොස් කටයුතු කර ඇති බවද ඔහු කියා සිටියේය.
COMMENTS